කැළණිය ආසනය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ කි‍්‍රයාකාරීන් පිරිසක් අද(26) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවී ජනපතිගේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
කැළණිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍රවරුන් වන කණිෂ්ක සමරසිංහ, නෝබට් පෙරේරා යන මහත්වරුන් සහ පෑලියගොඩ නගර සභාවේ හිටපු මන්තී‍්‍ර ලක්ෂ්මන් පෙරේරා මහතා ඇතුළු දීර්ඝ කාලයක් පුරා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කළ පිරිසක් ද මේ අතර වෙතියි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
පෑලියගොඩ රෝහණ විහාරයේ විහාරාධිපති ඌරාපොළ පේමසිරි නායක ස්වාමින් වහන්සේ සහ කැළණිය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක තිලක් වරාගොඩ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.