අමල් වික්‍රමරත්න
සංවර්ධන කටයුත්තක යෙදී සිටි එක්ස්කවෙට්ර් යන්ත්‍ර ක්‍රියා කරුවෙකු අද (27) විදුලි සැර වැදී මියගොස් ඇත.
ගාල්ල කොග්ගලකඩේ ප්‍රදේශය ආසන්නයේ මහමෝදර ඇළ සුද්ධ කිරීමේ ව්‍යාපෘතියට අයත් බව කියන එම පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.
මියගිය පුද්ගලයා සිය එක්ස්කැවේටර් යන්ත්‍රයෙන් යකඩ තහඩුවක් ඉහලට ඔසවන්නට යාමේදී ඉහලින් තිබු අධිබල විදුලි රැහැනක ගැටී ඇති අතර විදුලිසර වැදුණු විගස ඔහු රියදුරු අසුනෙන් ඉවතට වීසිවී ඇත.පසුව ඔහු කරාපිටිය රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කලද එහිදී ඔහු මියගොස් ඇතැයි රෝහල් පොලීසිය පැවසීය.
සිද්ධිය පිලිබඳව ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ව්‍යාපෘතියේ මෙම කොටස භාර කළමනාකරුවා වහාම අත්අඩංගුවට ගෙන සේවකයන්ට අදාළ ආපදා පිලිබඳ ඇගයීමක් කර පූර්ව පියවර ගෙන අත් දැයි සොයා බලන්න. එය ඔහුගේ රාජකාරියේ වැදගත්ම කොටස වුවත් ලංකාවේ නොවැදගත්ම සේ සලකන්නේද මෙයයි. මෙම කළමනාකරුගේ සිට ඉහලට යනකල්ම මෙම මිනී මරුමට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්න.
ලංකාවේ සේෆ්ටි පිළිබඳව කිසිම උනන්දුවක් නැහැ.. මැෂින් එකක් වැඩකරන තැනක යන්ත්‍ර ක්‍රියාකරුගේ සහයට බෑන්ක් මෑන්, ෆ්ලැග් මෑන් කෙනෙක් සිටිය යුතුයි.. වැටුප් ගෙවන්න වෙන නිසා ඒවා ගැන හිතන්න යන්ත්‍ර හිමිකරුවන් කැමති නැහැ.. අන්තිමට ජීවිත වලින් වන්දි ගෙවනවා..
වසර ගණනක් තිස්සේ මේ තීරු වලට අප ලියන දේවල් කියවන්නේ සාමාන්‍ය පාඨකයින් පමණක් බවයි අපේ හැඟීම. නැතිනම් අතුරු අනතුරු ආපදා ගැන විෂය පිලිබඳ දැනුම ඇති දෙස් හා විදෙස් වල සිටින ශ්‍රී ලාංකිකයින් ලියන කියන දේ ඒ කනින් අහල මේ කනින් පිට කරන තත්වයක් රටේ පවතින්නේ. ලෝකයේ වැඩිම සේවා ස්ථානවල අනතුරු සිදුවන්නේ ලංකාවේ බව ලංකා ජනතාව දන්නේ නැහැ. ඒ කියන්නේ වග කිව යුතු නිලධාරීන් දන්නෙත් නැහැ. මෙයින් බොහොමයක් වළකාගත හැකි අනතුරු. පිටිගල මිලානෝ සහ කරුණාජීව පැහැදිලිව දක්වා ඇති කරුණු සැලකිල්ලට ගන්නේ නම් අහිංසක ජීවිත ගණනාවක් බේරා ගන්න හැකියාව තියෙනවා.
මෙවැනි විපතට පත්වෙන අසරණ සේවකයන්ගේ ආරක්ෂාව ගැන මෙහි කෙතරම් දේවල් කියවුණත් ,ලියවුනත් ඒවා සියල්ල " බීරි අලින්ට වීනා වැයුවා" වැනියි. පිටරැටියන් සුළු අවදානමක් ඇති වැඩකදී පවා කෙතරම් වගකීමකින් ආරක්ෂිත පියවර ගන්නවාදැයි අසන දකින අපට ඇතිවන්නේ මෙවැනි අනතුරු වලට ලක් වන මිනිසුන් ගැන හද කකියන වේදනාවක් පමණකි.