අජන්ත කුමාර අගලකඩ
පාසල්වල උසස් පෙළ හදාරන සිසුන්ට ටැබ් පරිගණක ලබාදිමේ වැඩසටහන කැබිනට් මණ්ඩලය විසින් අද (20) අත්හිටවනු ලැබීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
ටැබ් පරිගණක මිලදී ගැනීම සඳහා කැඳවා ඇති ටෙන්ඩර්වල පවතින ගැටලු සහගත තත්ත්වය සහ එම වැඩසටහනට වැය කිරිමට රජයේ අරමුදල් යෙදවීම සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.
පාසල්වල උසස් පෙළ හදාරණ සිසුන්ට ලබාදීම සඳහා ටැබ් පරිගණක මිලදී ගැනීමේ යෝජනාව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කර තිබිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමේ දී අදාළ යෝජනාව සාකච්ඡා වී ඇති අතර එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කරුණු 4 ක් එකතු කළ බව වාර්තා වේ.
උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදිම ප්‍රයෝජනවත්ද? සිසුන්ට ටැබ් පරිගණක ලබාදිම වෙනුවට නවීන පන්ති කාමර සකස් කිරිම ටෙන්ඩර් අවුල සහ රජයේ අරමුදල් ටැබ් පරිගණක මිලදී ගැනීමට වඩා අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් වැය කිරිමට තිබිම යන කාරණා ජනාධිපතිවරයා විසින් එහිදී මතු කරන ලදැයි දැනගන්නට තිබේ.
COMMENTS
චන්ද ප්‍රතිපල ඔය එන්නේ...!!!!
ළමුන්ගේ තර්කානුකූල දැනුම වර්දනයවීම මේ තුලින් බලාපොරොත්තු විය නොහෙක ළමුන් යන්ත්රිකවීම සිවුවී ජනපති තීරණය good
මේක මේ ජනපතිවරයා ගැලරිය පිනවන්න කරන බොලඳ වැඩ. දැන්ද දැනගෙන තියෙන්නේ ටැබ් දෙන්න යනවා කියලා. අඩුම තරමේ මේ යෝජනාව අය වැයට ගෙනාව වෙලේ හරි එරෙහි වුනා නම් මේ කියන දේ පිළිගන්න තිබ්බා. ටැබ් දෙන්න එපා කියනවා නම්. ඒ සල්ලි වලින් හරියටම කරන්න යන්නේ මොකක්ද කියලා කියන්න ඕන. නවීන පන්ති කාමර හදනවා කියන්නේ නිශ්චිත දෙයක් නෙවෙයි. කොහොම නවීකරණය කරනවද?මොන පාසැල්ද නවීකරණය කරන්නේ? ඒවත් කියන්න ඕන.
මේ වගේ විකාර යෝජනා මුලදීම නැවැත්තුවා නම් යහාපාලන ආණ්ඩුවට තව ඡන්ද ටිකක් ගන්න තිබුණා. එදා වේල කන්න නැති ළමයි ඉන්න රටකට ටැබ් දෙනවටා වඩා කරන්න තව කොපමණ දේ තිබෙනවාද පාසැල් වලට අවශය ගුරුවරු,ඩෙස් බංකූ,පංති කාමර,විදයාගාර,පුස්ථකාල වැනී දේ පමණක් නොවේ වැසිකිළි හා පානීය ජලය වැනී අතයවශය පහසුකම් නැති පාසල් විශාල ප්රමානයක් තියන රටක ලමයින්ට ටැබ් පමණක් ලබා දීමෙන් පාලකයන් බලාපොරොත්තු වෙනනේ මොනවගේ ප්‍රතිපලද කියලා හිතා ගන්න බැහෑ.
දැනට අවුරුදු දෙකකට පමණ පෙර අයවැයකින් පාරම්බෑ යහපාලන ජවනිකාවේ ප්‍රධාන අංගයක් මේක. දැනුයි ටැබ් ඕනෙද නැද්ද තීරණය කරන්නෙ. දැන් යහපාලන නැටුම නැටිල්ලකුත් නෑ බෙරේ පලු දෙකත් නෑ. මෙහෙමත් කුජීත ආණ්ඩුවක් !
යාන්තම් ඇති ඒ මගඩිය නැවතුණා. ජේවීපී එකටවත් මොලයක් නැති වුණාද මේවට මුල දීම විරුද්ධ වෙන්න. මම හොඳට දන්නවා මේක ගැන. පරාද වෙච්ච ටෙන්ඩර් එක, ටෙන්ඩර් නීති උල්ලංඝනය කරලා තමයි ඒ අදාළ සමාගමට දෙන්න ගියේ. මම දන්නා විදිහට දෙවැනි සැරේ ඒ සමාගම ඇතුලට රිංගුවේ බිලියන 0.6 ක් අඩු කරලා. ඒ පැත්තට අමතරව මේ මගඩියේ අනිත් පැත්ත තමයි, මේ ටැබ් කැඩුණාම ඒවා නැවත හදලා ඒ අදාළ ළමයට ලැබෙන පිළිවෙල. ඊට අමතරව, ඒ ළමයාගේ අතින් ටැබ් එක වැටිලා කැඩුණොත් අදාළ සමාගම වොරන්ට් දෙන්නේ නැහැ. එතකොට ඒ පාඩුව කවුද දරන්නේ? ඉන් පස්සේ ඒ ළමයා පාසල් යාම නවත්තනවද? ඔය ලබා දෙන ටැබ් ලක්ෂ දෙකෙන් අඩුගානේ 50000 ක් එක පාර ඉන්ටර්නෙට් ලොග් වුණොත් එ්ක දරාගන්න බැහැ. මම ඔය කිව්වේ ඉතාම සුළු දේවල් ටිකක් විතරයි. මට හරි දුකයි අපේ රටේ උගත් මෝඩයෝ ගැන. මෙතන වෙන්න ගියේ ජාතික එමෙන්ම, දූ දරුවෝ නොමග යවන අධ්‍යාපනය කඩා කප්පල් වෙන වැඩක්. යන්තම් නැවතුණා. හැබැයි කවදා හරි මේ ටැබ් වැඩේ යේ ගේනකොට කරුණා කරලා..මේ ටැබ් වල පශ්චාත් සේවය ගැන හොඳින් දැන ගන්න.
ඡන්දය නොදුන්නට පලි ගන්න හොද නෑ හොදේ ,
උසස් පෙළ තොරතුරු තාක්ෂනය කරන (අයි ටි ) දුප්පත් සිසුන්ට මරු පහරක්. ළමයා ජාතියේ පියා කියනවා. කලින් සිටි ජනාධිපතිවරුනම් කිවේ දරුවන්ට අවශ්‍ය දෙය හොදම දෙය දෙනවා කියා.
google බැලුන ව්‍යාපෘතිය කෑවා වගේ මේකත් කෑවා එහෙනම්. නොමිලේ වයි ෆයි දෙන්න තිබ්බ සංඛ්‍යාත වික්කනේ. මේකත් කඩාකප්පල් කරලා ළමයින්ට තාක්ෂනය නොදී මෝඩයෝ කරන්නද කල්පනාව. මැතිවරණයක් ආවම මිනිස්සු බලාගනීවි.
යූඑන්පී ඇමතිවරැන් මේ ව්‍යාප්‍රතියට කැමති නම් විරෝධය පලකරන්න තිබුනේ කැබිනට් එකේ. පාරට ඇවිල්ල මිනිස්සු ඉස්සරහ බොරු කෑගැහිලි බෑ. මෙවැනි ප්‍රශ්න යහපාලන අසාර්ථකත්වයට තවත් හේතුවක්. තවදුරටත් ඡන්ද පදනම දෙදරණු ඇතිබව අනිවාර්යයි.
ඔය ටැබ් ඉතිහාසය ටිකක් මතක් කරගත්තොත් හොඳයි. මැති ඇමතිල ලොකු පර්මිට් එකක් අනුමත කරගෙන ඊගාව අයවැයේ විශාල බදුබරක් ජනතාවට ගහන ගමන් ඒ දෝෂ සමනය කරන්න මහාපරිමාණීය ව්‍යාපෘතියක් ලෙසයි ඕක කරලියට එන්නෙ. යූඇන්පී ඇමතිවරැ ඊයේ කැබිනට් එකේ පූසෝවාගේ හිටියට පාර්ලිමේන්තුවේදී ටැබ් දෙන එක ගැන ගහපු පම්පෝරි අමතක කලයුතු නෑ. මේ මහජනතාව ගෙනාට ඇන්දවීමේ යහපාලන කලාවක්. ජනමාධ්‍යමගින් මේවා සවිස්තරාත්මකව එලිදැක්විය යුතුයි. තරැණ ඡන්ද තවත් නැති කරගත්තොත් යූඑන්පී ඡන්ද පදනම තවත් දෙදරයි.
හොඳ තීරණයක් මිට වැඩ අද්‍යාපනය වෙනුවෙන් කරන්න වැඩ තියෙනවා
ඒ ටිකවත් තේරුන එක ලොකු දෙයක්. ගොඩක් ග්‍රාමීය පාසල් වලට හරියට ගොඩනැගිලි, ඩෙස් බංකු වත් නෑ. සමහර විෂයන් වලට අදාල ගුරුවරු නෑ. ටැබ් බෙදනවා වගේ අමන තීරණ ගන්න කලින් ඔය මහත්වරු කොලබින් පිට ග්‍රාමීය පාසල් වල සංචාරයක් කරනවානම් වටිනවා. එතකොටවත් යථාර්තය වැටහෙයි.
මේකෙට හේතුව මේකනේ, ඔබතුමා ප්‍රසිද්දියේ සිරිසේන මහතාව විවේචනය කරනවානේ. ඒවාට කැපිලි තමයි මේ එන්නේ.
ටැබ් දීමෙන් පසල් දරුවන්ට වඩා උසස් ලෙස අධ්‍යාපන කටුතුවල නියැලෙන්නට අවස්ථාව ලැබුණා. ඒක නැවත්වීම නොකළ යුතුව තිබුණා.
ටැබ් දීලා බෑ අලුත් ඇමතිලට පර්මිට් දෙන්න ඕනනේ