IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


උමා ඔයේ සහනාධාර ප‍්‍රමාදවීම ගැන හොයන්නැයි නීතිපතිට නියෝග

(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා )

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අගතියට පත් පාර්ශ්වයන්ට සහනාධාර ලබා දීමට ප‍්‍රමාද වන හේතු ඇත්නම් ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නීතිපතිවරායට නියෝග කළේය.

අධිකරණය මෙසේ නියෝග කළේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිසා සිව වගා බිම් වලට හානි සිදුවීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම් ඊවා වනසුන්දර , විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම්.ඞී.පී.මනතුංග මහතා ඇතුළු උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයින් හතරදෙනෙකු සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශ ලේකම් එන්.රූපසිංහ , වාරිමාර්ග සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම් , මධ්‍යම පරිසර අධිකාරිය සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

මෙරට වියළි කලාපයට ජලය ලබාදීම සහ බලශක්ති අර්බුදයට පිළිතුරු සැපයීම අරමුණු කරගනිමින් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ බව පෙත්සම්කරුවෝ සඳහන් කරති.

උමා ඔය සහ මහතොටිල්ල ඔයේ ජලය භූගත උමඟක් ඔස්සේ දකුණු වියළි කලාපයට  අයත් මොනරාගල ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරීමේ අරමුණෙන් මෙම ව්‍යාපෘති  කරන බව පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත.

මෙම ව්‍යාපාතිය නිසා පවුල් 1200ක් පමණ පීඩාවට පත්ව සිටින අතර 13000ක් පමණ ජනතාවකට පානිය ජල අර්බුදයකට, වගා කටයුතු වලට අවශ්‍ය ජලය නොමැතිවීම නිසා ජීවිකාව කරගෙන යාමේ අර්බුදයකටද ලක්ව සිටින බව පෙත්සම්කරුවෝ කියා සිටිති.

මෙම ව්‍යාපෘතිය නිසා ප‍්‍රදේශයේ භූගත ජලය සිඳීයාමෙන් පාරිසරික ගැටලූ ඇතිවී තිබෙන බවත් නිසි පරිසර ඇගයීම් වාර්තාවකින් තොරව සිදු කරන මෙම ව්‍යාපෘතිය නිසා ගම්මාන 10ක පමණ පිරිස් වලටද නිවාස අහිමි වී ඇති අතර ඇතැම් නිවාස වලට අර්ධ වශයෙන් හානි සිදු වී ඇති බවද පෙතසමේ සඳහන් වේ.එබැවින් එම ජල ව්‍යාපෘතියට බලපත‍්‍ර ලබා දීම නීතිවිරෝධී බවට ප‍්‍රකාශ කරන ලෙසද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

පෙත්සම්කරුයන් වෙනුවෙන් රවින්ද්‍රනාත් දාබරේ, නිල්මල් වික‍්‍රමසිංහ සහ සුගත් අතපත්තු යන නීතිඥවරුන් පෙනී සිටියහ. නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පෙනී සිටියේය.

පෙත්සම ලබන පෙබරවාරි 11 වැනිදා යළි සලකා බැලීමට නියමිතය.



අදහස් (0)

උමා ඔයේ සහනාධාර ප‍්‍රමාදවීම ගැන හොයන්නැයි නීතිපතිට නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 673 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site