(මනුල වික්‍රම)
උතුරු මැද පළාත් සභාවේ නිල කාලය ලබන සැප්තැම්බර් මාසයෙන් අවසන් වන බවත් පළාත්පාලන මැතිවරණය මෙන් එම මැතිවරණය කල්දැමීමට රජයට කිසිම හේතුවක් ඉදිරිපත්කළ නොහැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
අනුරාධපුර උතුරුමැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දී ‘නව පළාත්පාලන මැතිවරණ ක්‍රමයක් සමග නව දේශපාලන ක්‍රමයක් ගොඩනැගීම සඳහා පෙළ ගැසෙමු‘ මැයෙන් ‘මාර්තු 12 ව්‍යාපාරය‘ සංවිධානය කළ සම්මන්ත්‍රණයකට එක් වෙමින් දේශප්‍රිය මහතා මේ බව කීවේය.
මැතිවරණ කල්දැමීමෙන් ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ වගඋත්තරදීම අසීරු වන බවත් ප්‍රජාතන්ත්‍රවාදයට හානි ගෙන දෙන බවත් ඒ මහතා එහි දී කියා සිටියේය.


COMMENTS
රජයට ඉදිරිපත් කරන්න හේතු නෑ? ඔන්න බලන්නකො හේතු කීයක් ඉදිරිපත් වෙනවද කියල?
වෙලාවට මැතිවරණ තියල හොට බිම ඇනගන්න මේ ආණ්ඩුව ලෑස්ති නෑ, ඉස්සර හිටි කෙනා වගේ. අමෙරිකාවේ, යුරෝපයේ පදේට නටනවනං මැතිවරණ අවුරුදු 5ක් නෙවෙයි 10ක් නොතිබ්බත් කිසි ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ. කලින් ආණ්ඩුව කලේ මැතිවරණයක් සතියක් පරක්කු වුනාන අමෙරිකාවෙන් සියක් නිවේදන නිකුත් කරලා ඔන්න ලංකාවේ ප්‍රජතන්ත්රවදේ නැති වෙලා කියල.