(සිතුම් චතුරංග)
උතුරු පළාත් අධ්‍යාපන හා සංස්කෘතික ක‍්‍රීඩා අමාත්‍ය ටි. ගුරුකුල රාජා මහතා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (20) සවස උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේෂ්වරන් මහතා වෙත භාරදී තිබේ.
වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ධූරයෙන් ඉවත්වන ලෙස කළ දැනුම්දීමට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප‍්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසේදී භාරදී ඇත.
අමාත්‍යවරුන්ගේ දූෂණ චෝදනා සොයාබලන ලෙස පත්කරන ලද ත‍්‍රිපුද්ගල කමිටුව මගින් පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත චෝදනා නවයක් එල්ලවී තිබූ අතර එම චෝදනා වලට ඔහු වරදකරු ලෙසත් ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාවෙහි සඳහන් විය.
කුරුකුලරාජා මහතා සිය බලතල අනිසි ලෙස යොදා ගැනීම චෝදනාව වැනි චෝදනා එහි ප‍්‍රමුඛ වී ඇති බවට කමිටු වාර්තාවෙන් සඳහන් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස්වුණු කාරණාව මොකක් වුනත් අනිකුත් පළාත් සභා වලත් කට්ටිය ඔය වගේ ඉල්ලා අස්වෙනවා නම් රටට මොන තරම් මුදලක් ඉතිරි වෙනවද?
රජ කාලේ ඉඳලම අපේ මිනිස්සු ඉර්ශියාවෙන් ක්රෝදයෙන් පෙලෙන කොට්ටාශයක් නැද්ද මන් කියන්නේ