උතුරු කොරියාව 06 වැනි වරටත් න්‍යෂ්ටික අත්හදා බැලීමක් කර ඇතැයි ජපානය සහ දකුණු කොරියාව ප්‍රකාශ කරයි.
මේ බව සනාථ කරමින් උතුරු කොරියාව නිවේදනයක් ද නිකුත් කළේය.තමන් න්‍යෂ්ටික අත්හදා බැලීමක් කළ බවත් එය මිසයිලයකට සවි කළ හැකි බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.
විශාල බලයක් සහිත හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලූ බව ඉන් පැය කිහිපයකට පසු උතුරු කොරියාව නිවේදනය කළේය.
උතුරු කොරියාව මිසයිලය අත්හදා බැලූ ස්ථානය ආසන්නයේ භූමි කම්පාවක් සිදු වූයේ යැයි ජපාන හා දකුණු කොරියානු කාලගුණ බලධාරීහූ සඳහන් කළ අතර එහි ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 6.3ක් යැයි ඇමෙරිකා එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.
කෘත්‍රීම භූ කම්පනයට හේතුව න්‍යෂ්ටික අත්හදා බැලීම වන අතර එය මීට පෙර න්‍යෂ්ටික අත්හදා බැලීම්වලදී ඇතිවූ භූ කම්පනවලට 9.8 ගුණයකින් වැඩි යැයි ද විශේෂඥයෝ පෙන්වාදෙති.
(රොයිටර්-055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පා බයේ බෑ. අපේ ජනාධිපතිතුමා මේ ළඟදී නිවේදනයක් නිකුත් කළා නේද ඔය රටේ වැඩකටයුතු වලට විරුද්ධව? ඔය කියන මිසයිලයක් ලංකාව පැත්තටත් එවයිද දන්නේ නෑ.
මුළු ලොව විනාශ කරන්න ඉඩදී බලවත් රාජ්‍යයන් බලා සිටිනවාද කියන එකයි දැන් තියෙන ප්‍රශ්නේ !!!
හිට්ලර් නැති වුණාට පස්සේ මම හිතුවා ඒ වගේ මුළු ලෝකයම විනාශ කරන්න පුළුවන් අය තවත් නැති වෙයි කියලා. බලන කොට මම හිතුවා වැරදියි.
මේක මුළු ලොවටම තර්ජනයක් වෙලයි තියෙන්නේ...
න්‍යෂ්ටික තාක්ෂණය නුසුදුසු අයෙක් අතට ගියාම ලෝකෙම ඉවරයි. දැන් හිතෙනවා ලංකාවේ මෙතරම් තාක්ෂණයක් නැති එකමයි හොඳ කියලා... පිස්සන් කොටුවක්නේ තියෙන්නේ ...
පොඩ්ඩක් හිතන්න. මෙයා මේ කරන්නේ ඇමරිකාව රිද්දවන එක. අනික් සියළු රටවල් මොන විදිහෙන් හරි ඇමරිකාව නම්මගන්නවා. මේගොල්ලෝ විතරක්, විරුද්ධව කිසියම් දෙයක් කලොත් හෝ කට ඇරියොත් මොකක් හරි ඒකට හරියන දෙයක් කරනවා. පිටිපස්සේ සපෝර්ට් කරන ප්‍රබලයෝ ඉන්නවා වගේ.
ලෝකයේ අපිට නිතර දෙවේලේ අසන්නට ලැබෙන ස්වභාවික අනතුරු වලට ප්‍රධානම හේතුව තමයි මේ තරග කාරි රටවල්වල කරනු ලබන මෙවැනි ක්‍රියා. මේ හෙතුවෙන් කවදා හරි සියළු නිරි සතුන් එකම මොහොතක පාෂණ භුත වේවි.
මේක එයාලගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් හදපු එකක් වෙන්න බැරිද? ඇමරිකාව සහ රුසියාව සතුව විශාල ප්‍රමාණයේ න්‍යෂ්ටික අවි තියෙන බව මුළු ලෝකයම දන්නවා. ලඟදි ඇමරිකාව තමන්ගේ යුධ නෞකා කොරියාව අවට මුහුදේ සැරිසරා. ඇමරිකාව ඉරාකයට පහර දීල ලක්ෂ ගණන් මිනිස්සුන් මරල රට අස්ථාවර කලේ න්‍යෂ්ටික අවි තියෙන්වයි කියල එත් එක අවියක්වත් හොයාගන්න බැරි උනා. කොරියාව දන්නවා තමන් ඇමරිකාවට විරුද්ධව හිටියොත් එයාලටත් ඒ දේම වෙනවයි කියල. එකයි එයාලගේ ආරක්ෂාවට එහෙම කරන්න ඇත්තේ
අමෙරිකාව කවදාවත් උතුරැ කොරියාවට ගහන්න ඉස්සර වෙන්නෙත් නැහැ ගහන්න කැමැත්තකුත් නැහැ. ඇයි ඒ, කොරියානු අර්ධද්වීපයේ තියෙන ප්‍රශ්නෙ නිසා තමයි අමෙරිකාවට ජපානය. දකුණු කොරියාව සහ අවට තියෙන කුඩා දූපත් වල හමුදා කදවුරැ පවත්වාගෙන යන්න පුලුවන්. අමෙරිකාව මේ ගැටලුවට හිත යටින් කැමතියි. ඕක තමයි ඇත්ත. ඔය ප්‍රශ්නෙ ඉවර වෙච්ච දාට ජපානෙන් සහ දකුණු කොරියාවෙන් අමෙරිකාවට යන්න වෙනවා.