ඩී.ජී.සුගතපාල
මේ දිනවල දකුණු පළාත පුරා පැතිර යන උණ රෝගය පිළිබඳ මාතර සහ කරාපිටිය රෝහල් වලින් නිවැරදි සංඛ්‍යා ලේඛන නොදෙන බවත් එම තොරතුරු වසන් කරන්නේ ඇයි දැයි නොදන්නා බවත් අද (22) පැවති දකුණු පළාත් සභා රැස්විමේදී අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා පැවසීය.
සභාපති කේ.ඒ.සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කලේගාන පළාත් සභා ගොඩනැගිල්ලේදී රැස්වීම පැවැත්විණි.
එහිදි අමාත්‍යවරයා මෙසේ කීය. මේ දිනවල පැතිර යන උණ රෝගය නිසා මව්පියන් භිෂණයට පත්වෙලා.එක් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකුගේ ලොකු දරුවට හැදුනා.පස්සේ අනෙක් දරුවටත් හැදුනා පස්සේ එම වෛද්‍යවරයා විසින්ම දරුවා ගිලන් රථයේ දමාගෙන කොළඹට ගෙන ගියා.
මේ උණ හැදෙන්නේ මාතරදියි. නමුත් මැරෙන්නේ කරාපිටියේදියි. හැබැයි මාතර නිවැරදි සංඛ්‍යා ලේඛන දන්නෙත් නැහැ. කරාපිටිය දන්නෙත් නැහැ.ඇයි මේ තොරතුරු හංගන්නේ.“
“ඇල්පිටිය රෝහලේ මේ වනවිට උණ රෝගින් පනහක් සිටිනවා.වාට්ටු ඉඩ නැහැ.මේ නිසා පිටින් පුටු ගෙනැල්ල රෝගින් වාඩි කරලා. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා දෙන සංඛ්‍යා ලේඛන වැරදියි“ යැයි සභානායක චම්ලි විතානාච්චි මහතා පැවසීය.
COMMENTS
ලෝකේ ජයගන්න කලින් රට ඇතුලේ විදිමත් ක්‍රමවේදයක් අනුව වැඩ කරන්න යොමු වුණා නම් හොද නැද්ද?
ලංකාවේ වේද හා හෙද සේවාව දෙකම අකාර්යක්ෂමයි, ඔවුන්ගේ කිසිම කැපවීමක් නැත රෝගීන්ගේ ජීවිත බේරන්න. මෙයාලාට ඕනා මුදල්, නිවාස රට කාර් ලොකු පඩි පිටරට අධික පුහුණුව. ඔක්කොම රටේ දුප්පතාගේ පීඩනයෙන් ගෙවන රජයේ මුදල් වලින්, ඒ උනාට හොස්ස ලඟින් මැස්සා ගිය හැටියේ, වර්ජන අකුරට වැඩ. මොන ලෙඩා මැරුණත් උන්ට කමක් නැත.
ඒ දොස්තර ජී එම් ඕ ඒ මාෆියාවට සම්බන්ධ දොස්තර කෙනෙක්ද? අර බ්‍රිතානයේ ශෛල්‍ය වෛද්‍යවරයාට එරෙහිව වර්ජනය කල අයෙක්ද? අපි නම් හිතාගෙන හිටියේ ජී එම් ඕ ඒ දොස්තරලගේ ළමයින්ට ලෙඩ හැදෙන්නේ නැහැ කියලයි. ගිලන්රථය දොස්තර පදවා ගෙන යාම බරපතල වරදක් ලෙස තමයි මා නම් දකින්නේ.
කෝ මේ ජී.එම්.ඕ.ඒ අදන් යටද. මෙව්වට උත්තර දෙන්න අනේ. සයිටම් පස්සේ එළවනවට වඩා වටිනවා.
මියගිය රෝගීන්ගේ සංඛ්‍යාව හොය හොයා ආතල් ගන්නවාට වැඩිය පළාත් සභාව හා එහි අමාත්‍යවරු විදියට වගකීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කල යුතුයි. මේ වෙලාවේ විපතට පත් වූවන්ට වෛද්‍ය ආධාර ඖෂධ හා ආනෙකුත් අවශ්‍ය පහසුකම් සොයාබලා ඒවා ලබදීමට මැදිහත් වෙනවා වෙනූවට දේශපාලන වාසි ලබාගත හැකි කරුණු සෙවීම ලැජ්ජා සහගත ක්‍රියාවකි.