IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උකුණන් වඳ කිරීමට බෙහෙත් ගැල්වූ කාන්තාව රෝහලේ

නිශාන්ත කුමාර
 
හිසේ උකුණන්  වඳ කිරීම සඳහා පුද්ගලයකුගේ උපදෙස් මත බෙහෙතක් හිස ගැල්වූ කාන්තාවක් එම බෙහෙත විෂ වී අසාධ්‍ය තත්වයෙන් යුතුව අද (10) දහවල් මීගහකිවුල රෝහලට ඇතුළත් කර  ඇත.


හිස ගල්වන ලද ඖෂධය විෂ වීම හේතුවෙන්  ඇයගේ මුහුණ දැඩි සේ ඉදිමී ඇති අතර එක් ඇසක පෙනීම මුළුමනින්ම පාහේ දුර්වල වී තිබේ.


මෙම සිද්ධීයට මුහුණ පා ඇත්තේ මීගහකිවුල ප්‍රදේශයේ  27 හැවිරිදි දෙදරු මවකි.


තම හිසේ බහුලව උකුණන් ගැවසෙන බව මෙම කාන්තාව විසින් පුද්ගලයකුට පවසා ඇති අතර උකුණන් වද කිරීම සඳහා ඔහු විසින් ඖෂධ වර්ගයක් ද මෙම කාන්තාවට ලබා දී ඇත.


ඖෂධය රැගෙන නිවසට ගිය කාන්තාව වෙදා විසින් උපදෙස් දුන් පරිදි අදාළ ඖෂධය හිස ගල්වා ඇති අතර ප්‍රතිකාරයෙන් පැය කීපයක් ගතවෙද්දී ඇයගේ හිස කසන්නට පටන්ගෙන ඇති අතර මුහුණ ඉදිමී ඇස් වැසීයාමට පටන්ගෙන තිබේ. 


මද වේලාවක් ගත වෙද්දී එක් ඇසක පෙනීම ද මුළුමනින්ම දුර්වල වී ඇති අතර සිද්ධීය දුටු ප්‍රදේශවාසීහු පිරිසක් ඇය වහාම රෝහල් ගත කරන්නට පියවර ගෙන ඇත. 
 



අදහස් (1)

උකුණන් වඳ කිරීමට බෙහෙත් ගැල්වූ කාන්තාව රෝහලේ

සනත් Friday, 10 August 2018 07:59 PM

මේක බෙහෙතේ වැරැද්දක් නෙමෙයි. එයා ඒ බෙහෙතට ඇලර්ජික් නිසයි එහෙම වෙලා තියෙන්නෙ. සමහරු කොණ්ඩෙ කලුකරන ඩයි වලටත් ඇලර්ජික් වෙනවා. ඒක නිසා ඩයි ගාන්න ඉස්සර වෙලා තණුක කරපු ඩයි ටිකක් කණට පිටිපස්සෙ හමේ ගාලා පැය කීපයක් බලන්න ඕන මොනවත් ප්‍රශ්නයක් ඇතිවේවිද කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 253 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site