(තිලිණි ද සිල්වා)
හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් සහ අභියාචානාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.නවාස් මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති පැමිණිල්ල විභාගයට ගැනීම අත්හිටුවීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ඊවා වනසුන්දර මහත්මිය පක්ෂග‍්‍රාහීව කටයුතු කර ඇතැයි සඳහන් කරමින් එම නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (14) රිට් පෙත්සමක් ගොනු කර ඇත.
අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ සභාපති ටී.බී.වීරසූරිය මහතා ඇතුළු එම කොමිසමේ සාමාජිකයින් ගොනු කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අගවිනිසුරු ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.නවාස් මහත්වරු ඇතුළු පස්දෙනෙක් නම් කරනු ලැබ සිටියි.
ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
අල්ලස් පනත යටතේ අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.නවාස් සහ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති පැමිණිල්ල විභාගයට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උදය රොහාන් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් පෙත්සම් 4ක් ගොනු කර තිබිණි.
මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගනු ලැබූ අවස්ථාවේදී එම විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු හැටියට සිටි විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය නීතීපතිවරිය හැටියට කටයුතු කරද්දී මෙම සිද්ධිය පිළිබඳ සටහන් කිහිපයක් යොදා ඇති බවත් ,ඒවා රහසිගතව සී.එෆ් ෆයිල් යනුවෙන් නම් කර අධිකරණයට ඉදිරිපත් කරන බවත් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය මෙම ලිපිගොනු වල කරුණු අනාවරණය නොකළ අතර මෙම නඩුව සියලූ පාර්ශවකරුවන්ගේ නීතීඥවරුන් එම පෙත්සම් විභාගයට සහභාගී වීමට විරුද්ධත්වට පළ නොකළහ.
ඉන්පසු අදාළ පෙත්සම සලකා බලා අධිකරණය විසින් මෙම සිද්ධියට සම්බන්ධ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැමිණිල්ල විභාගයට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කෙරිණි.එම නියෝගය අදාළ පෙත්සම් විභාගය අවසන් වන තුරු නිකුත් කෙරිණි.
නීතිපතිවරයා විසින් අධිකරණයට සැපයූ කරුණු වලින් අනාවරණය වූයේ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය නීතිපතිවරයා හැටියට සේවය කරද්දී මෙම සිද්ධියට අදාළ තීරණ ගෙන ඇති බවත් ,එම සිද්ධිය සම්පූර්ණයෙන්ම දැන සිටි බවත්ය.
ඒ අනුව විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය පක්ෂග‍්‍රාහීව කටයුතු කර ඇති බවත් අභිලාෂයන්ගේ සම්මත මූලධර්මය උල්ලංඝනය කර ඇති බවත් පෙත්සමේ සඳහන් වේ.
මෙම පෙත්සම මහජන උනන්දුවක් දක්වන කරුණක් බැවින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට නියෝග කරන ලෙසද , වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , එස්.සී.22/2018 දරණ රිට් පෙත්සමට අදාළ අතුරු නියෝගය අත්හිටුවීමට නියෝග කරන ලෙසද අල්ලස් කොමිසම සිය පෙත්සමින් ඉල්ලා ඇත.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මාදුරුඔය යුද හමුදා කඳවුරේ විශේෂ කාර්ය බළකායේ විසිර යාම උත්සවයේ පුහුණුවීම් ක්‍රියාවලිය සඳහා පිටත් වූ ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානය
ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඊවා වනසුන්දර පක්ෂග්‍රාහීව කටයුතු කර ඇතැයි අල්ලස් කොමිසම කියයි
Ajith Wednesday, 14 March 2018 11:24 AM
අල්ලස් කොමිසමට යන්තම් පණ ඇවිත්...
Mahee Wednesday, 14 March 2018 11:54 AM
රන්ජන් රාමනායක මැතිතුමනි, ඔබ කොතරම් නිවැරදිද කියා දැන් නම් මුළු රටටම පෙනෙනවා.
MO77 Wednesday, 14 March 2018 12:07 PM
රන්ජන්ව මතකද? වන්ෂොට්
C.K.Lankaputhra Wednesday, 14 March 2018 12:41 PM
නීතිය නැමෙන බව සහ නැමෙන හැටි පෙන්වන පැහැදිලි අවස්ථාවක්..
SENA Wednesday, 14 March 2018 02:13 PM
අපි නම් එයා ගැන හුඟ කාලයක ඉඳලා නිතර අහනවා.
සෙනෙවි Wednesday, 14 March 2018 02:36 PM
රන්ජන් ඔබ පමණයි හිතට එකඟව කතා කරන්නේ...
SUMAL PERERA Wednesday, 14 March 2018 03:51 PM
අහන්න දෙයක්ද? ජාත්‍යන්තරය අපිට කියන්නේ ජාත්‍යන්තර විනිසුරුවන් පත් කරන්න කියලා...
parakkrama Wednesday, 14 March 2018 05:52 PM
මේක ඉතින් ඒකාබද්දේ මෙහෙයවන්නාගේ පටන් සියලු දෙනාම දැනගෙන සිටියත් මහජනතාව නොදන්නා බවටයි සිතාගෙන ඉන්නවා ඇත්තේ
ranjith Wednesday, 14 March 2018 11:18 PM
අල්ලස දුෂණය නිසා මේ රට විනාශයට පත්වෙලා ඒත් තවමත් අල්ලස දුෂණයට සම්බන්ධ අය බේරගන්න තමයි හැම තැනම ප්‍රවනතාව මහජන මුදල් අවභාවිතය අපරාධයක්
Chanak Los angeles Thursday, 15 March 2018 03:46 AM
ඕනෑම පුද්ගලයෙකුට වයසට ගොසින් හොඳ සිහියෙන් විශ්‍රාම සුවයෙන් ඉන්නා විට අතීතයෙදී කල කී දේවල් ආවර්ජනය වෙනවා.
sas Thursday, 15 March 2018 03:52 AM
රන්ජන් ඇමතිතුමා ඔබ හරි.
සතයපාල Thursday, 15 March 2018 04:32 AM
ඉස්සර කිව්වේ නීතිය අන්ධයි කියලා,දැන් නම් කියන්න වෙන්නේ නීතිය අති දූෂිතයි කියලා.
Hafeel Thursday, 15 March 2018 06:23 AM
අපරාධ කරුවන් අද අධිකරණ නියෝග ගන්නව තමන්ට එරහිව පරීක්ෂණ අත්හිටුවන්නයි කියමින්, තමන්ව අත්තධංගුවට නොගන්නැයි කියමින්. ලෝකේ කොහෙවත්ම නැහෙ මෙහම පාලනයක්.
MuhanThursday, 15 March 2018 07:31 AM
"මෙහම පාලනයක් " යන්න "මෙහෙම අදිකරණ පදතියක් " ලෙස නිවැරදි විය යුතුය .