නිමල කොඩිතුවක්කු
දැනට පවතින ඉන්ධන සහිත ත‍්‍රී රෝද රථයෙන් ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථ වෙත මාරු වන රියදුරන් වෙනුවෙන් විශේෂ සහන ලබා දෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
ඒ සඳහා ජපාන රජයත් සමග එක්ව මේ වනවිට වැඩසටහනක් ආරම්භ කර ඇති බවද ඔහු කියා සිටියේය.
2035 වසර වනවිට ඉන්ධනවලින් තොර රථවාහන හඳුන්වා දීම සඳහා රජයේ අවධානය යොමුවි ඇති බවත් ඒ අනුව මෙම වැඩපිළිවළ ක‍්‍රියාත්මක බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙයට අමතරව සංචාරක හිතැති ත්‍රී රෝද රථ ප‍්‍රචලිත කිරීමේ අරමුණෙන් එම රථවලට වයිෆයි සහ මාර්ග සිතියම් ඇතුළු නවීන පහසුකම් ලබා ගැනීම සඳහා පොලී රහිත ණය මුදලක් ලබා දීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
දැනට රටපුරා ත‍්‍රී රෝද රථ මිලියන 1.3 ක් පමන ඇති බවත් ඉන් ලක්ෂ 8 ක් පමන එදිනෙදා මහජන ප‍්‍රවාහන සේවයට යොදවා ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
අපේ රටේ විදුලියෙන් වැඩි කොටසක් නිපදවන්න ගල් අඟුරු, ඩීසල් භාවිතා කරනවා. ඉතින් ඔය ත්‍රිරෝද රථ චාර්ජ් කරන්න වෙන්නේ නිවසේ විදුලි බලයෙන්... එතකොට ඕකෙන් වැඩක් නැහැ. විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයාට විදුලිය දෙන්නේ බොහෝවිට පාඩු පිට, ඕවාත් එ්කෙන් චාර්ජ් කරන්න ගියොත් වෙන්නේ තව කරදරයක්.. පුළුවන් නම් ඉන්ධන අඩුවෙන් වැයවෙන ජපානයේ නිපදවන දෙමුහුන් (හයිබ්රිඩ්) ත්‍රිවිල් රථයක් හෝ හයිබ්රිඩ් කුඩා මෝටර් රථයක් තීරුබදු රහිතමිලට අපේ රටට ගෙන්වන්න. එහෙම වුණොත් අපේ පරිසරයත් රැකෙන අතර මගීන්ගේ ආරක්ෂාවද සහතික වෙනවා.
ත්‍රීවීල් ගන්ට අදහසක් තියෙනවා නම් කවදාවත් ගන්න එපා ඉලෙක්ට්‍රික් එකක් නම්. ලංකාවේ පාරවල් වලට මේවා සුදුසු නැහැ. මගදිගට රස්තියාදු වෙනකොට බැටරි බැස්සොත් මොකද කරන්නේ. නමුත් විදුලියෙන් සහ ඉන්ධන වලින් දෙකෙන්ම දුවන්ට පුලුවන්නම් හොඳයි...
2035 වෙනකොට මේ රටේ අයට ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථයක් ගන්න විතරක් හැකියාවක් තියන්න තමයි මේ රජය මෙච්චර වෙහෙසෙන්නේ ...
පුලුවන්නම් ජපානයෙන් මාර්ගනීති පිළිපදින ත්‍රිරෝද රථ රියදුරන් ගෙන්වන්න.
3 වීලර් නිසා ලංකාවේ කලබල වැඩි පාරවල් හොඳටම ස්ලෝ වෙනවා. ඒකට හේතුව තමයි එයාලගේ තියන හදිස්සිය. පොඩි ට්‍රැෆික් බ්ලොක් එකක් ඇතිවුණත් මෙයාල වාහනේ එහෙන් මෙහෙන් දාල මුළු පාරම බ්ලොක් කරනවා. රෝඩ් මැනර්ස් කියල දෙයක් මෙයාලගේ බහුතරයක් දන්නේම නැහැ.
.මේ වැඩෙන් ලැබෙන සම්තිං එක කීයක්ද දන්නේ නැහැ...
ලංකාවේ ඉදිරියට වඩ වඩාත් පුනර්ජනනීය බලශක්ති ප්‍රහව වෙත යනවා නම් මේ රථ සංකල්පය හොඳයි. අනික මේ ගල් අඟුරු මගින් උත්පාදිත විදුලි ගැටළුව, දැනට යෝජිත ස්මාර්ට් විදුලි මීටර් ක්‍රමය ආවාම හරි යනවා. මොකද එහිදී අඩුම පිරිවැය ඇත්තේ ඉල්ලුම අඩු රෑට. එතකොට රාත්‍රී කාලයේදී ආරෝපණය කරගත්තම පරිසර හිතකාමී විදුලි ගැටළුව විසඳෙනවා. ඒ වගේම ඉදිරි දශකය තුළ මේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තවත් දියුණු වෙනවා.