(ඩයනා උදයංගනී)
පෞද්ගලික බස් කර්මාන්තයට බලපාන ප‍්‍රශ්න විසඳන ලෙස බලකරමින් අනිද්දා (12) මධ්‍යම රාත‍්‍රීයේ සිට දීප ව්‍යාප්ත වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව පෞද්ගලික බස් සංගම් පවසයි.
ඩීසල් සහනාධාරයක් ලබාගැනීම, මාර්ග බලපත‍්‍ර ටෙන්ඩර් කිරීම අහෝසි කිරීම, ඒකාබද්ධ කාලසටහන් ක‍්‍රමය වහා ක‍්‍රියාත්මක කිරීම, අමතර කොටස් සඳහා ඇති බදු ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ආරම්භ කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පැවසීය.
අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය, සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය, සීමාසහිත මගී ප‍්‍රවාහන සමාගම ඇතුළු බස් සංගම් කිහිපයක් මෙම වර්ජනයට එක්වීමට නියමිත බව ද සභාපතිවරයා සඳහන් කළේය.
COMMENTS
"පුංචි අපිට සිරිසැප දේ සිරි ලංකා දීපේ.. " 3 වසරේ සිංහල පොතේ අන්තිම පාඩම.. තාම මතකයි අවුරුදු 22 කට පස්සෙත්. කවද්ද මේ රටෙන් පැන ගන්නේ කියලා බලන් ඉන්නේ...
ඒ පාර තව බහුබූතයෝ රැලක් ජෝගියක් නටන්න හදනවා..
පෞද්ගලික බස් කර්මාන්තයට හෙනයක්වත් නැහැ. මේ සේරම මෙහෙයවන්නේ හොඳින් හෝ නරකින් නැවතත් රටේ බලය ගන්න දඟලන රාජපක්ෂ නඩය. දුම්රිය වර්ජනය මෙහෙයවන්නෙත් පැරදිලා පැත්තවත් බලන්නේ නැතුව ඇමරිකාවට පැනල ගිය කෙනෙක්. රජය මේවට නිසි පිළිතුරු හොඳින් හෝ නරකින්ම පිළිතුරු දියයුතුයි..
දුම්රියත් පෞද්ගලීකරණය කරා නම් හරි කියන්නේ මේකටද..? සේරම එකයි එතකොට.. මැතිඇමැති වරුන්ගේ වැටුප් වැඩිකර ගන්නකොට මුකුත් නෑ. අනිත් මිනිසුන්ගේ වැටුප් වැඩි කරන්න කිව්වම තමයි ඔක්කොම ..
බස් හමුදාවට පවරාගෙන දිවිය හැකි බව මතක් කරමි.
මෙතැන එර්දි දාලා තියෙන්නේ හරියටම හරිදෙයක්.. මටත් ඕක කියන්න බැරුව හිටියේ...
බස් ගැමුණුගෙන් සැප ඉල්ලනවා වගේ. කවුරු හරි විස්කි සමග බුරියානි දීලා ඊට පස්සේ මෙයාවත් ගෙදරටම ගිහිල්ල අරලුවොත් වැඩේ හරියයි.
පුද්ගලික බස් වර්ජනයක් මේ අවස්ථාවේම අරඹනවා යන්නෙන් අදහස්වන්නේ "බොරදියේ මාළු බෑමක්" නොවේද? තමන්ගේ සාධාරණ අයිතිවාසිකම් වෙනුවෙන් වර්ජන කිරීම කිසිදු වැරද්දක් නොමැති බවත් තමන්ගෙන් තම උපන් රටට වියයුතු යුතුකම් තම තමන් විසින් නිසිලෙස ඉටුකරන්නේද යන්නත් වර්ජන වල යෙදෙන සියල්ලෝම අවංකව සිතන්නේද ?? වෛද්‍යවරුන්ටත් මෙය අදාල වන්නේය.
මේ දුම්රිය වර්ජනය කරලා තියන වෙලාවේ තමයි කීයක්හරි වැඩියෙන් හොයාගන්න පුළුවන්කම තියෙන්නේ. මෝඩ වැඩ කරන්නේ නැතුව වෙනදාටත් වඩා වැඩිපුර බස් ටික දුවලා කීයක්හරි වැඩියෙන් හොයාගන්න.
පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය කට ළඟ එනවිට, වර්ජන දළුලාගෙන එනවා! ලක්ෂ ගණන් වැටුප් ලබන දුම්රිය සේවකයන්ගේ සහායට දැන් බස් සේවකයනුත් එකතු වන්නේ මොකද කියා දැනගැනීමට මගී ජනතාවට පුර්ණ අයිතියක් තිබේ. බලලෝභී දේශපාලුවන් මේ ප්‍රධාන වර්ජන දෙකේ සුක්කානම් කරකවන බවට අමුතුවෙන් කිව යුතු නැහැ. දුක්විඳින මගී ජනතාවට සහන සැපයීමට රජය දැන්වත් උත්සුක වීමට කාලය පැමිණ තිබේ! රට කරවන්නේ රජයද, වෘත්තිය සමිතිද කියා මහජනයා නොඉවසිල්ලෙන් බලා සිටි. රජය නිදි ගැට හැරදා ඉක්මනින් අවදි විය යුතුය!!!!!
මා පදිංචි ප්‍රංශයේ වසර කිහිපයකට පෙර සිදු වුන දෙයක් කීමට මට විනාඩියක් දෙන්න. අසාධාරණ ඉල්ලීම් රැසක් මුල්කරගෙන මෙරටේ විශාල ට්‍රක් රථ හිමියන් ප්‍රධාන මාර්ග සහ අධිවේගී මාර්ග අවහිරකරමින් උද්ඝෝෂණ කරා. මෙරටේ ආහාර පාන, ඉන්ධන ආදිය බොහොමයක් ප්‍රවාහනය කරන්නේ විශාල ට්‍රක් මගින් නිසා ජන ජීවිතය ඉක්මනින්ම අඩපන වුණා. රජය සමහර සහන දුන්නත් ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කරා. රජය ඊළඟ පියවරගෙන මහාමාර්ග "පිරිසිදු කිරීම" යුද හමුදාවට භාර කරා. බර වාහන ඇද දමන, හමුදාවේ විශාල යන්ත්‍ර සුත්‍ර යොදාගෙන වර්ජිතයන්ගේ ට්‍රක් කිහිපයක් අසල පිහිටි හිස් ඉඩම් වලට ඇද දමන විට සියලු ට්‍රක් රථ ඉක්මනින් පිටව ගියා......
කාට කියන්නද මේ අයගේ සේවය
ඔය කියන ලෙස මීට වගකිවයුත්තේ රාජපක්ෂලානම් මේ රජය අසමත් බව නැවතත් ඔප්පු වෙනවා. රාජපක්ෂට නොවේ වෙන ඕනම කෙනෙක් ජනතාව අපහසුතාවට පත්කිරීමට ඉඩදීලා බලන් ඉන්න ආණ්ඩුවක් මොකටද? මේකට තියන එකම විසදුම තමයි තමතමන්ගෙ කුඩා සමාජ තනාගෙන ආරක්ෂාව තහවුරු කරගන්න එක. සේවා මිලදීගන්න එක.
ලක්ෂ 6.5ක පුටුවක් බස් එකේ හයි කරොත් වර්ජනේ නවත්තයිද දන්නේ නැහැ.
පළාත් සභා මන්ත්‍රී උත්තමයන්ට හිඳ ගැනීමට ලක්ෂ 6 ක් බැගින් වටිනා පුටු විදේශයකින් ගෙන්වීමට කටයුතු කරන රාජධානියේ මෙවැනි අසුන්දර දේවල් සිදුවීම අරුමයක් නොවේ.
මේ ඉල්ලල් තියන ඉලීම් වලින් පෙනෙනවා මේක බොරු වර්ජනයක් කියල , මම හිතන්නේ රටේ මේ ඔක්කොම වර්ජන කරන්නේ එකම ජාලයක් විසින් , දොස්තරලා මේකේ උඩින්ම ඇති
අරලිය ගහමැදුරට අඩගහලා කණට දෙකක් ගහලා ප්‍රශ්ණ විසඳන ක්‍රමයට රට අරන් යන්න මේ මාෆියා කාරයින්ට අවශ්‍යයි. එහෙම නැති වුනොත් රාජපක්ෂලට ඊළඟ ඡන්දයේ දී දිනන්න බැරිබව මේ පාතාල නායකයින් කල්පනා කරනවා ඇත.
මෙන්න මේවා සංවිධානය කරන අය අල්ලලා හිරේ දාන්න ඕනෑ. අපේ සල්ලිවලින් බිස්නස් කරන ගමන් අපිටම කෙලින්න හදනවා. බස් දුවන්න බැරි අයගේ බලපත්‍ර අහෝසි කරලා දාන්න.
සභාපති වරෙක ටෙන්ඩර් නොමැතිව බස් පර්මිට් දෙන්න ක්‍රමයක් හදන්න. රටේ තත්වය නොතේරෙන එකයි පුදුමය. සේරම බස් කාරයින් භූමිතලේ ගහල තමයි තවමත් දුවන්නේ. ලංගමයට හැම තැනම ඔවුන්ට වුවමනා විදියට දුවන්න දෙන්න ඇමැතිතුමනි...
ජනතාවගේ බදු මුදලින් ඉගෙනගෙන ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන පාරවල් වල යමින් මෙසේ කරන එක අසාධාරණයි.
උසස් පෙළ ලියන දරුවන්ට මොකද වෙන්නේ? මේ මොන අපරාධයක්ද?
අලි මදිවට හරක්
මේවගේ දේවල් වලට මුහුණ දෙන්න ලංගම ශක්තිමත් කරන්න ඕන.