(අමල් වික්‍රමරත්න)
දකුණු පළාතේ පැතිර යමින් ඇති ඉන්ෆ්ලුවෙන්සා " ඒ "රෝගය පසුගිය මාස කිහිපයේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලට පැතිර ගොස් ඇතිබවට තොරතුරු වාර්තාවි ඇතිබව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂ වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවාය.
විශේෂයෙන් කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල සහ දිවයිනේ සියලුම දිස්ත්‍රික්කයන්වල රෝහල් වලින් ඉන්ෆ්ලුවෙන්සා වයිරසය ආසාදනය වූ රෝගීන් වාර්තාවී ඇති බවද ඇය වැඩි දුරටත් පැවසීය.මෙම වයිරසය පැතිරයතත් රෝගය පාලනය කිරීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇතැයිද ඇය පැවසූවාය.
උණ, හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස , උගුරේ වේදනාව වැනි ස්වශන ආබාධයක් ඇත්නම් වඩාත් සැලකිලිමත් වන ලෙසත් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් වහාම ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු කරන ලෙසත් ඇය ජනතාවට දන්වා සිටී.
විශේෂයෙන්ම හුස්මගැනීමේ අපහසුව සමග උණ බැස නොයාම දිනකිහිපයක් තිබේනම් වහාම රජයේ රෝහලකට ඇතුළත්වන ලෙසද ඇය දන්වා සිටී.රෝගය වැළදී ඇති තැනැත්තන් අනෙකුත් නිරෝගී අයගෙන් වෙන්ව සිටීම මගින් රෝගය ව්‍යාප්තිය වලක්වා ගත හැකිබවද පබා පලිහවඩන මහත්මිය පැවසුවාය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.