(නාලක සංජීව දහනායක)
අසාමාන්‍ය ලෙස ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ලංකා ආර්ථිකය ගිනිගෙන දැවෙන්නට පටන් ගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (13) පැවසීය.
මේ හේතුවෙන් ඉදිරි සති කිහිපයේදී ජලය, විදුලිය ආදියේ මිළ ඉහළ යෑමෙන් ජනතාව පීඩනයට පත්වන බවත් ආර්ථික විද්‍යාව ගැන නිවරදි දැක්මක් නැතිව ආණ්ඩුව වෛරී සහගතව තීන්දු තීරණ ගැනීමට යෑමෙන් මෙවැනි විනාශයන් සිදුවන බවද කීය.
මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
‘ ඉන්ධන ආනයනය සඳහා පසුගිය රජයට රුපියල් බිලියන පහක් වැය වුණා. නමුත් ලොක් වෙළෙඳපොල ඉන්ධන මිල පහත වැටීම නිසා ඉන්ධන ආනයනය සඳහා මෙම රජයට වියදම් වුණේ රුපියල් බිලියන 2.5යි. ඒ අනුව ඉන්ධන ආනයනය සඳහා පසුගිය රජයට වියදම් වූ මුදලින් බාගයක් රටතුළ ඉතුරුවෙලා තියෙනවා. ඒ මුදල නිවරදිව කළමණාකරනය කළානම් හම්බන්තොට වරාය විකිණීමට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ගැනීමට සිදුවෙන්නේ නැහැ. ආර්ථික විද්‍යාව ගැන නිවරදි දැක්මක් නැතිව ආණ්ඩුව වෛරී සහගතව තීන්දු තීරණ ගැනීමට යෑම නිසා රටත් ආර්ථිකයත් විනාශවෙලා.‘
COMMENTS
බන්දුල මහත්යෝ අපි පැට්‍රල් ගසා ගින්න නිවමු...
බන්දුල මහත්තයා, ඔයිට වැඩිය මුදල් ඉතුරු කර ගන්නට තිබුණු ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එමිරේට්ස් යටතේම තිබුණා නම්...
ඔය මහත්වරු ආණ්ඩු කළ කාලයේ තෙල් මිල දැනටත් වඩා වැඩි බව (උදා. පෙට්රල් රු 158.00) අපට තවම මතකයි. කරුණාකර මිනිස්සු රවට්ටන්න බොරු නොකියා ඉන්න.
ඔයාත් ඕක නේද කළේ?
ගන්න පඩියට රටට වැඩක් කරන්නකෝ.. මාධ්‍ය ෂෝ තිය තිය වෙලාව කන්නේ නැතුව...
ඔබතුමාලගේ කාලයේ වැඩිකරලා තියෙද්දී එහෙනං මීට වැඩිය ආර්ථිකය ගිනිගන්න ඇතිනේ. ඒක දැනුනේ නැතිව ඇති. ඔයාලා අඩුකළා නම් මෙහෙම කිව්වට කමක් නැහැ. වැඩිකරපු එක අඩු කරාම එහෙනං ආර්ථිකය සිසිල් වෙන්න ඕනනේ. රත් වෙච්ච එක විතරයි පේන්නේ. තෙල් මිල ඉහළ යාම ගැන අපිද විරුද්ධයි. ඒත් මේ තමන්ගේ වාසියට ඉදිරිපත් කරන බොරු අපබ්‍රංස ආර්ථික විග්‍රහ පිළිගන්න කියලා මේ කියන කතා විශ්වාස කරන්න පුලුවන්ද?
අවුලක් නැහැ රුපියල් 2000 න් ජිවත් වෙන්න පුළුවන් .
හානේ දැන් මේ අනාවැකිය අනුව රුපියල් 2000න් ජීවත්වීම බැරිවේවි..
පෙට්‍රල් ලීටරය 167 ගානේ විකුණුව කාලේ ආර්ථිකය උණුවෙලා වැක්කෙරෙමින් වෙන්න ඇති තියෙන්න ඇත්තේ. මේවගේ හරක්නේ අපේ පාර්ලිමේන්තුවේ රට ගොඩ නගන්න ඇමතිලා කරන්නේ....
ආර්ථිකේ ගැන නම් ඔබතුමා කතා නොකරනවා නම් වඩාත් හොඳයි. අපිට තවම මතකයි රු. 2500 මාසයක් කාලා ඉන්න පුළුවන් කිව්වා.
මට ලැජ්ජයි ඔබ ගැන නම් ...
ඔබතුමාට දැන් ශක්‍රයාගේ පුතා වයිමා මතක්වෙන්නේ නැද්ද?
අනේ මට අනුකම්පා කරන්න. මම මේවා හිතල කියනවා නෙවේ. බයට කියවෙනවා.
ඉහළ උසාවිය කියලත් ඉන්ධන මිල අඩු නොකළ ආණ්ඩුවේ ඇමති කෙනෙක් නේද මේ කතා කරන්නේ? මේ නම් ටොම් පචයෙක්...
පෙට්රල් ලීටරය රුපියල් 158 ගිය කාලේ අපේ ආර්ථිය මාර විදියට කූල්වෙලා තිබුණේ නේද ආචාර්ය තුමෝ.මම නම් මෙතුමාට හරිම කැමතියි මොකද ඇනස්ලියි සැමුවෙලුයි බර්ටි නැති උනාට පස්සේ ඒ අඩුපාඩුව මකන්න මෙතුමා මාර උත්සාහයක් දරන්නේ.
අනේ මහත්තයෝ ආර්ථික මධ්‍යස්ථානයකින් කඩයක් දෙකක් අපටත් තියෙනවා නම් ඔබේ පුතෙක්ම වේවා.
මෙයාගෙන් ටියුෂන් ගත්ත ඔක්කොම ෆේල්