(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන මෙටි්රක් ටොන් 40 000 ක් රැගත් ලේඩි නෙවරස්කා නෞකාව හෙට (8) රාත්රි 11.00ට කොළඹ වරායට සේන්දු වීමට නියමිතය.
මේ වන විට එම නෞකාව කොචින් සහ බැංගලෝර් අතර මුහුදේ ගමන් කරමින් තිබෙන බවට තොරතුරු වාර්තා වේ.
අදාළ නෞකාව පැමිණීමෙන් පසු පෙට්රල් හිඟය සම්පූර්ණයෙන්ම විසදීමට හැකිවෙනු ඇතැයි රජය විශ්වාසය පළකරයි.
COMMENTS
රටක් ජාතියක් වශයෙන් ලැජ්ජා වෙන්න ඕනේ. තෙල් නැව් එනකම් බලන් ඉන්නවා.
ටර්බෝ බුස්ට් එක දැම්ම නම් විනාඩියෙන් කොලඹ නේ !
බාල තෙල් නොවේවා !
චික් ලැජ්ජයි අපිට. නැව එනකම් ලංකාව කට ඇරගෙන බලාගෙන ඉන්නේ මිනිස්සුන්ට යන්න එන්න විදියක් නෑ. වේගේ වැඩි කරල ඉක්මනටම එන්න නෙවරස්කා. ඔබ දකිනකම් අපිට ඉවසුම් නෑ. කවදහරි අපි පිටරටින් ඇවිත් කන්න කෑම දෙනකමුත් බලාගෙන ඉන්නේ මෙහෙමෙ තමයි කියල මතක තියා ගන්න. අපි ඒ තරම් දියුණු වෙලා ඉන්නෙ දැන්.
හොඳටම විශ්වාසද හරවා යවපු තෙල් නැව නොවේ කියා?