රංජන් කස්තුරි
ඉතිරි කිරීමේ ගිණුම්වලට ලැබෙන පොලිය මත අය කරන සියයට 5ක බද්ද ළමා ඉතුරුම් ගිණුම්වලින් ඉවත් කිරීමටත් ග්‍රන්ථ කර්තෘවරුන්ට ලැබෙන කර්තෘභාගය වෙනුවෙන් අයකළ බද්ද සංශෝධනය කිරීමටත් රජය තීරණය කළබව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.
ඒ අනුව වයස අවුරුදු 18 දක්වා ළමුන්ගේ ගිණුම්වල පොලිය මත අයකළ බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කෙරෙන බවද කොළඹ මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ඇමති මංගල සමරවීර මහතා කීවේය.
ග්‍රන්ථ කර්තෘවරුන්ට ලැබෙන කර්තෘභාගය මසකට 50,000දක්වා සහ වසරකට ලක්ෂ 5 දක්වා බද්දෙන් නිදහස් කරන බවද සමරවීර මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිරි කිරීමේ ගිණුම් වලට බදු ගහන එකට මේ ආණ්ඩුව කරන නරකම වැඩක්. අපේ රටේ මිනිස්සුන්ට තවම තේරෙන්නේ නෑ,
මසකට 50000ක බද්දෙන් නිදහස් නම් අවුරුද්දකට ලක්ෂ 6 කින් නිදහස් විය යුතුයි නේද?