ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර විශාල පිපිරීමක් සිදුව ඇතැයි ද මේ වන විට 60දෙනකු පමණ මියගොස් ඇතැයි ද වාර්තා වෙයි.
මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීහූ පවසති. නගර මධ්‍යයයේ පිහිටි විදේශ තානාපති කාර්යාල සහ ජනාධිපති මන්දිරය ආසන්නයේ මෙම පිපිරීම සිදුව තිබේ.මෝටර් රථයක ඇටවූ බෝම්බයක් මෙලෙස පුපුරා ගොස් ඇති බව වාර්තා වේ.
එම ප්‍රදේශයට ඇතුළු වීමට පොලිසිය ඉඩ නොදෙන බවත් නගරයට ඉහළින් ඝන කළු දුමාරයක් අහසට විහිදෙන බවත් පිපිරීමෙන් වීසිවූ උණ්ඩ සහ වෙනත් දෑ මීටර් සියගණනක් ඈතට වීසි වී ඇති බවත් බීබීසී වාර්තා පෙන්වා දෙයි.
(බී බී සී ඇසුරිනි-085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාමියන් පිළිම විනාශ කරපු සාපයෙන් නිදහස් වෙන්න බෑ මේ අයට ....
ශාපය නෙමෙයි.. මේවා ඇතුළේ වැඩ මේවට ශාපය එන්නේ පසු කාලෙක තමයි..
මොවුන් අවුරුදු දහස් ගණනක් බාමියන් පිළිම දිවිහිමියෙන් ආරක්ෂා කල බව අමතක කරන්න එපා. මේ පිළිම විනාශය මොවුන් ලෝකය ඉදිරියේ අපකීර්තියට පත්කිරීමට ආක්‍රමණයිකයින් විසින් කරන ලද්දක්.