ඩී.ජී සුගතපාල , සුමතිපාල දීයගහගේ
ගාල්ල වරාය ආසන්නයේ ඇවන්ගාඩ් නෞකාවේ නීති විරෝධි ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින එම අවි ගබඩාවේ භාරකරු සහ මෙහෙයුම් කළමනාකරු ඇප මත මුදා හරින ලෙස දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද නියෝග කළේය.
එක් අයෙකුට රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින්වු ශරිර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළේය. සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාරදෙන ලෙසටත් සෑම මසකම අවසන් ඉරුදින කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තාකරන ලෙසටත් මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.
මෙසේ ඇප නියම වුයේ ඇවන්ගාඩ් නෞකාවේ අවි ගබඩාවේ භාරකරු වූ දොන් තෝමස් ඇල්බට් විජේතුංග තිලකරත්න සහ ඇවන්ගාඩ් නෞකාවේ මෙහෙයුම් කළමනාකරු වූ මිල්ලනියගේ සුමුදු නිලුපුල් කොස්තා යන සැකකරුවන් දෙදෙනාටය.
2025 දෙසැම්බර් මස 18
170
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇවන්ගාඩ් අවි ගබඩාවේ සැකකරුවන්ට ඇප
සතයපාල Wednesday, 01 August 2018 01:06 PM
ඕවා ඔය දෑත් ශක්තිමත් කරන්න ගහපු ගැහිලිනේ අපේ හාමුදුරුවනේ !
THARUKAThursday, 02 August 2018 02:44 AM
කොහෙද මේකේ ගැහිල්ලක් ගැන කියල තියෙන්නේ ? කොහෙන් ගියත් ගැහිලි.