තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
මහබැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ විධායක නිලධාරී කසුන් පළිසේන විසින් ඇප ඉල්ලා ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර සලකා බැලීම ලබන 18 වැනිදා තෙක් කල් දැමීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කළේය.
ඇප ඉල්ලා ගොනු කළ මෙම ප‍්‍රතිශෝධන පෙත්සම් අභියාචනාධිකරණ සභාපති ප‍්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගූණරත්න යන මහත්වරුන් හමුවේ අද (04) කැඳවිණි.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අභියාචනාධිකරණය හමුවේ තවදුරටත් කියා සිටියේ පූර්වාදර්ශ නඩු තින්දු 2 ක් අනුව මෙම පෙත්සම පවත්වා ගෙන යා නොහැකි බවත් ඒ අනුව ඇප අයදුම සළකා බැලීම සඳහා විශේෂිත හේතූ ඉදිරිපත් කර නොමැති බවයි. අභියාචනාධිකරණයට මෙම ප‍්‍රතිශෝධන පෙත්සම සලකා බලා සිදු කළ හැක්කේ මහාධිකරණ නියෝගය අවලංගු කර පෙත්සම මහාධිකරණයට යොමුකිරීම පමණක් බවත්ය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ගේ කරුණු දැක්වීම් අද අවසන් කෙරුණි.
ඒ අනුව පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන 18 වැනිදා තෙක් කල් දැමීට අභියාචනාධිකරණය තීන්දු කළේය.
වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා හා මුල්‍ය විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නම් කර ඇති මෙම පෙත්සම මඟින් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණය හමුවේ කියා සිටින්නේ, මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කර ඇති තමන්ට ඇප ලබා දීම පොදු දේපළ පනත යටතේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මඟින් ප‍්‍රතික්ෂේප කර ඇති බවයි.
එහෙත් රහස් පොලිසිය විසින් තමන්ට එරෙහිව අධිකරණයට වාර්තාකර ඇති කරුණු අනුව පොදු දේපළ පනත යටතේ කිසිදු වරදක් අනාවරණය නොවන බව පෙත්සම්කරුවන් කියා සිටියි. එම නිසා පොදු දේපල පනත යටතේ තමන්ට ඇප ලබා දීම ප‍්‍රතික්ෂේප කිරීමට කොටුව මහේස්ත‍්‍රාත්වරිය ගත් තීරණය දූෂිත බව ද පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.
එම තීරණයට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත ප‍්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කලත් එය විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කළ බැවින් කොටුව මහේස්ත‍්‍රාත්වරියගේ නියෝගය හා කොළඹ මහාධිකරණයේ නියෝගය ප‍්‍රතිශෝධනය කර තමාව ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතා ගේ උපදෙස් මත නීතීඥ නවීන් මාරපන මහතා සහ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපාන මහතා පෙනී සිටියහ. නිතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් හරිප‍්‍රියා ගුණසේකර සමඟ අතිරේක සොලිටර් ජනරාල් ජනාධිපති නිතිඥ යසන්ත කෝදාගොඩ මහත්වරු පෙනිසිටියේය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇලෝසියස් හා පළිසේනගේ ඇප ඉල්ලීම කල් යයි
සතයපාල Wednesday, 04 July 2018 12:45 PM
මුලින්ම ඇප ඉල්ලනවා ඇප ලැබුණට පස්සේ පාස්පොර්ට් එක ඉල්ලයි. ඒක ලැබුණට පස්සේ පැදුරටත් නොකියා රට පනියි. ඕක තමයි මෙයාගේ සැලසුම මාමණ්ඩි කල දෙයම බෑණත් කරයි..