( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාමයෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සමට අද (3)  මැතිවරණ කොමසාරිස් ඇතුළු වගඋත්තරකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතා ගොනු කෙරිණි. 

මෙම පෙත්සම් ප‍්‍රියන්ත ජයවර්ධන , නලින් පෙරේරා  සහ  ප‍්‍රසන්න ජයවර්ධන  යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.

මෙම පෙත්සම ජුලි 30 වැනි දා සළාකා බැලීමට ද නියෝග කෙරිණි.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම වළකාලමින් දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක් නිකුත් කර ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ලේකම් ආරියවංශ දිසානායක මහතා ඇතුළු තිදෙනෙකු විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු එහි සාමාජිකයින් නම් කරනු ලැබ ඇත.

පෙත්සම්කරුවන් ඇතුළු 29 දෙනෙක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නාමයෝජනා පත‍්‍රය බාර දුන්හ.