IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය නොගත්තොත් දකුණට විදුලිය දීමේ ගැටළුවක් ‘


 
 
(රංජන් කස්තුරි)
 
ඒ.එස්.පවර් ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය ලබා නොගත හොත් දිවයිනේ දකුණු පළාතට විදුලිය අඛණ්ඩව සැපයිමේ ගැටළු මතුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.වී. ගනේගල මහතා පැවසීය.


ඒ.එස්.පවර් බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන අතර ඒ අනුව ඉදිරි වසර තුනක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමට ඒ.එස්.පවර් ආයතනය සමඟ ගිවිසුමකට අත්සන් කර තිබෙන බවද සභාපතිවරයා කීය.


කෙසේ වෙතත් දකුණු පළාත තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය හැමවිටම උත්සාහ ගන්නා අතර ඒ.එස්.පවර් බලාගාරයෙන් ජනනය කරන මෙගාවොට් 100 විදුලි ධාරිතාවය ඊට පිටුවහලක් බවද ගනේගල මහතා පැවසීය.



අදහස් (7)

‘ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය නොගත්තොත් දකුණට විදුලිය දීමේ ගැටළුවක් ‘

kamal Tuesday, 17 July 2018 02:59 PM

දකුණු පළාත යනු සුළං හා සූර්ය බලය අඩුවක් නැතිව ඇති ප්‍රදේශයකි. එසේම නොනවතින සයුරු රළ ඇති ප්‍රදේශයකී. විශේෂයෙන් සුළං හා සයුරු රළ යොදාගෙන විදුලිය ජනනය කිරීමේ මධ්‍ය කාලීන ව්‍යාපෘතියක් ඉදිරි අවුරුදු 3 ඇතුලත ක්‍රියාත්මක කලහොත් මෙම පොසිල ඉන්ධන මත යැපෙන බලාගාරයෙන් විදුලිය ලබා ගැනීම අවම කර ගත හැකිය.

:       179       153

LankaTuesday, 17 July 2018 05:07 PM

එහෙම ඔයා කීවට කරන්න බෑ... එහෙම කලොත් මණ්ඩලේ ලොක්කන්ට කොමිෂන් කෝ ?

:       69       84

chin Wednesday, 18 July 2018 02:37 AM

තාප බලාගාර වලින් විදුලිය නිපදවීම පාඩුයි. ඒ වගේම පරිසර හානිය වැඩි . මේ තාප බලාගාර වලින් විදුලිය නොගත්තොත් දකුණට විදුලිය දෙන්න බැහැ කියන්නේ බොරු මතයක් ගොඩනගන්න. විදුලි බල මාෆියාවේ කොටසක්. මේ නිලදාරීන්ගේ වත්කම් හෙව්වනම් සියල්ලම එළිවෙනවා. ඔය හදන්නේ වැඩිමිලට විදුලිය අරගෙන සාක්කු පුරවන්න. ඒකකයක් රුපියල් 40 වෙනවා. අද සුර්ය බලශක්තිය සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ගන්නේ රුපියල් 23 ට .. හැමෝටම ගෙවල් වල සුර්ය බලශක්තිය හදන්න කියල මිනිස්සුන්ගෙන් වැඩිමිලට ගත්තොත් සාමාන්‍ය ජනතාවට මුදල යනවනේ..පරිසර හානියක් වෙන්නෙම නැහැ

:       1       4

දිමුත් Wednesday, 18 July 2018 03:01 AM

මට පේන්නෙ යම්කිසි මාෆියාවක් තමන්ගෙ කුට්ටිය වෙනුවෙන් තර්ජනය කරනවා වගේ.

:       0       1

senaratne Wednesday, 18 July 2018 03:43 AM

ACE බලාගාරය අයිති කාටද කියල අපි දන්නවා ...මේකේ අයිතිකාරය හොර වැඩ වලට ප්‍රසිද්දකෙනෙක් ..ගනේගලලට හොද සම්තින් එකක් ලැබෙනවා එහෙනම්

:       0       52

කුමාර් (ගල්ෆ්) Wednesday, 18 July 2018 05:09 AM

වැහැල වැහැල ජලාස පිරිලා, දුෂිත පාලනය කිසිවක් හරිහැටි සැලසුම් කරන්නේ නෑ, කොමිෂන් ගහන්න විදුලිය මිලදීගන්නවා.

:       29       2

himal Wednesday, 18 July 2018 06:43 AM

සුළං වේවා සූර්ය ශක්තිය වේවා අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය තරම් ලබා ගන්න බෑ. පියසි සූර්ය විදුලි ජනක ක්‍රමයට දකුණේ ජනතාව ප්‍රමාණාත්මකව එළඹෙන්නේ නම් තාප විදුලිය සීමා කළ හැකියි.

:       42       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site