IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ඇමරිකාව නාමල්ට බාධක දමයි

රුසියාවේ සංචාරයකින් පසුව තමා ඇමෙරිකාව බලා යෑමට උත්සාහ කළ අවස්ථාවේ ඇමෙරිකන් බලධාරීන් ඊට අවසර නොදුන් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ‘ඉන්දියන් එක්ස්ප්‍රස්‘ පුවත්පතට පවසා ඇත.
 

නාමල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා යෑමට සැරසී ඇත්තේ රුසියාවේ මොස්කව් නුවර සිටය. ඔහු මොස්කව් නුවරට ගොස් සිටියේ ඉකුත් 18 වැනිදා එරට පැවැති ජනාධිපතිවරණයේ ස්වාධීන නිරීක්ෂකයකු ලෙස කටයුතු කිරීමටය.
 
නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඔහුගේ ප්‍රකාශකයකු ‘ඉන්දියන් එක්ස්ප්‍රස්‘ ප්‍රවෘත්ති සේවය සමග පවසා ඇත්තේ, ඇමෙරිකාවට පැමිණීමට අවසර නොදෙන බව, ඇමෙරිකා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව රාජපක්ෂ මහතාට දැනුම් දුන් බවය.
 
ඒ වනවිට නාමල් රාජපක්ෂ මහතා එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්, මොස්කව් සිට ඇමෙරිකාවේ හූස්ටන් බලා පිටත්ව යෑමට සූදානමින් සිට ඇත. තහනම පැනවූයේ ඇයිදැයි යන්න ඇමෙරිකා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පැහැදිලි කර නොමැති බවද නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයා පැවැසීය.
 
මොස්කව් නුවර ඇමෙරිකා තානාපති කාර්යාලය හෝ කොළඹ ඇමෙරිකන් තානාපති කාර්යාලය හෝ මේ සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් කර නැති බව ද වාර්තා වේ.
 
ඇමෙරිකාවට යෑමට නාමල් රාජපක්ෂ මහතාට වීසා බලපත්‍ර තිබූ බව ද ඔහුගේ ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා ඇත. මේ සම්බන්ධයෙන් ට්විටර් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මෙසේ සටහනක් යොදා ඇත.
 
‘හූස්ටන් බලා යන එමිරේට්ස් ගුවන් යානයට ගොඩවීමට මට ඉඩ නොදෙන ඇමෙරිකාවේ බලධාරීන් දැනුම් දී තිබෙන බව එමිරේට්ස් සමාගමේ මොස්කව් කාර්යාලය මට දැනුම් දුන්නා. ඒ කුමන හේතුවක් නිසාදැයි තවම දැනගන්නට නෑ. මගේ නම නිසා හෝ රුසියානු ජනාධිපතිවරණයේ නිරීක්ෂකයකු ලෙස මා මෙහි පැමිණීම නිසා හෝ ඔවුන් මට මෙවැනි තහංචියක් දැමුවා වෙන්න බෑ. කොහොම වුණත් තීරණයක් ගැනීමේ පරම අයිතිය ඔවුන්ට තිඛෙනවා.‘
 
නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයා පැවසුවේ ඔහු ආපසු ශ්‍රී ලංකාව බලා පිටත්වන බවත් මේ සම්බන්ධයෙන් ඔහු එහිදී ප්‍රකාශයක් කරනු ඇති බවත්ය.



අදහස් (22)

ඇමරිකාව නාමල්ට බාධක දමයි

chandana Thursday, 22 March 2018 04:33 PM

රුසියාවේ ජනපතිවරණයේ නිරීක්ෂකයෙක් විදියට ගත්තේ ඇයි.?

:       96       133

ජගත් ලියනගේ Thursday, 22 March 2018 04:38 PM

හරිම සවුත්තුව. ලජ්ජාවක් කියල දෙයක් නැත්ද මන්දා .?

:       128       137

lal Thursday, 22 March 2018 05:17 PM

ඔය කැපිල්ලෙන් හැමදාම ගොඩ එන්න බෑ.

:       1       24

sirimal Thursday, 22 March 2018 06:19 PM

බලාගෙන ගියහම මුළු පවුලම ඇමෙරිකන් කාරයෝ වගේනෙ.?

:       192       206

විමල් සේදර හ්යුස්ටන් Thursday, 22 March 2018 06:19 PM

නාමල් මෙහෙ එන්න හැදුවේ තමන්ගේ නැන්දනියගේ අවමගුලට සහභාගී වෙන්නයි.

:       13       251

Ajith Nissanka Thursday, 22 March 2018 07:34 PM

මේක නම් පැහැදිලිවම අධිරාජ්‍යවාදීන්ගේ දීන කුමන්ත්‍රණයක් වෙන්න ඕනේ.

:       38       148

yaka mahathayaFriday, 23 March 2018 07:32 AM

අනිවා අනිවා ! එත් ඉතින් බටහිරට දෙහි කපන මේගොල්ලෝ මොකටද බටහිරට යන්නේ ?

:       59       82

Kirthi Thursday, 22 March 2018 11:16 PM

හොඳ වැඩේ!

:       146       158

nimal Friday, 23 March 2018 12:30 AM

වංචා නඩු ඇත්නම් ඇමෙරිකාව වගේ රටවලට යාම බොරු.

:       91       110

vidya Friday, 23 March 2018 12:41 AM

ඔහොම කොන්ඩේ අවුල් කරගෙන ප්ලේන් නගින කොට ඇමරිකාව එහෙම බාර ගන්නේ නැහැ.

:       100       111

ලුම්බිණි Friday, 23 March 2018 12:46 AM

රුසියානු ජනාධිපතිවරණයේ ස්වාධීන නිරීක්ෂකයකු.?

:       22       35

Chanak Los angeles Friday, 23 March 2018 12:56 AM

ලංකාවට සෙල්ලන් දැම්මට අන් රටවල් වලට සෙල්ලන් දමන්න බැහැ.

:       168       185

Nandalal DE SILVA - France Friday, 23 March 2018 01:11 AM

බයියාලගේ කැරැට්ටුව ගැන දන්නා ඇමරිකාව මෙවැනි තීරණයක් ගත්තා වෙන්න බැරි කමකුත් නැහැ.

:       209       136

Aluthgama A. Samathasena. Friday, 23 March 2018 04:01 AM

මේ කට්ටිය ගමේ පියදාසලාට,සියදොරිස්ලාට කියන්නේ තමන් ඇමරිකන් විරෝධීන් කියලා නේද ? ඉතින් ඇමෙරිකාවට යන්නේ මොන කෙන්ගෙඩිය කටද ?

:       273       303

wedage Friday, 23 March 2018 04:01 AM

තාජුදින් ඇමරිකාවේ ඉපදිලා ඉන්නවා වීසා නිලදාරීයෙක්ගේ පුතෙක් වෙලා එම නිලදාරියා වැඩ කරන්නේ පුතාගේ කැමැත්තට පමණයි

:       355       528

ජගත් ලියනගේ Friday, 23 March 2018 06:12 AM

එහෙම කරන්නේ කොහොමද ? ජාතිය බේරාගත් කෙනාගේ පුතාට.

:       65       111

naradhaFriday, 23 March 2018 09:30 AM

ජගත්, ජාතිය බේරගත්ත තැනත්තා එක්කෙනෙක්, ඔහුගේ පුතා තව කෙනෙක්.

:       7       7

Shan Friday, 23 March 2018 07:16 AM

රුසියාවේ ඡන්දෙ ගැන හිතාගන්න පුළුවන් මේ වගේ මිනිස්සු නිරීක්ෂණයට ගන්නකොට. අපේ රටේ උන් ගොන්නු උනාට ඇමෙරිකාවට මොලේ තියෙනවා.

:       323       348

Wasthu Friday, 23 March 2018 08:10 AM

ඕකට කියන්නේ කොලේ ඉරාගෙන කියලා.

:       43       52

Buddika Friday, 23 March 2018 08:13 AM

පුලුවන්නම් මෙයාට ලංකාවට එන්න නොදී තහංචියක් දාමුද.?

:       48       105

පිටිගල මිලානෝ Friday, 23 March 2018 08:46 AM

මම හිතුවේ පච වෙලා ඉන්නේ ලංකාවට විතරයි කියලා.

:       221       176

rocky Friday, 23 March 2018 02:04 PM

රුසියාවේ චන්දෙ නිරීක්ශනේ කොරන්න යනකොට අර ඡන්ද දිනන`ජිල්මාට්` යන්තරෙත් අරන් ගියාද දන්නෙත් නැහැ.

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31000 35


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13134 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10939 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 1 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 870 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site