(ඉන්දිකා රාමනායක සහ ටී කේ ජී කපිල)
මෙක්සිකෝවේ දින අටක සංචාරයක් සඳහා පිටත්ව ගොස් සිටි ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (19) යළි දිවයිනට පැමිණ ඇත.
කොටහේන ප්‍රදේශයේ තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන නාවික හමුදවේ හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘නේවි සම්පත්‘ නැමැත්තාට සැඟව සිටීමට ආධාර අනුබල ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට විජේගුණරත්න මහතා ඉකුත් 10 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තාමේන්තුවට කැඳවා තිබියදී එදින අලුයම මෙක්සිකෝව බලා පිටත්ව ගොස් තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ප‍්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙසට දැනුම් දී තිබියදී සිය දෙපාර්තමේන්තුවට නොදන්වා ඒ මහතා විදේශ ගත වූ බවයි.
ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි කාර්යාල එදින දහවල් නිවේදනයක් නිකුත් කර කියා සිටියේ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා රජය නියෝජනය කරමින් මෙක්සිකෝව බලා ගියේ එහි 208 වැනි නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් බවත් ඒ මහතා යළි 19 වැනි දින යළි මෙරටට පැමිණෙන බවට ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කලින් දැනුම් දී ඇති බවයි.
ලංකාවට පැමිණ සිටින ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඉදිරි දිනයක ප‍්‍රකාශ ලබා ගැනීම සදහා කැඳවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අද්මිරාල් විජේගුණරත්න මහතාගෙන් ලංකාදීපය කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ තමන් මෙරටින් පලා නොගිය බවත් මෙක්සිකෝවේ නිදහස් උත්සව සැමරුමකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිළ වශයෙන් සහභාගි වූ බවත්ය.
තමන් ඊයේ සිට සිය කාර්යාලයේ සුපුරුදු රාජකාරි කටයුතු ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිනයක් දැනුම් දුන් පසු තමන් එහි පෙනී සිටින බවත් අද්මිරාල් විජේගුණරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යළි දිවයිනට
rohana Wednesday, 19 September 2018 01:38 PM
බයවෙන්න එපා අපි දන්නවා මේක කාගේ වුවනාවකටද වුනේ කියලා. මිට වඩා යමක් පලනොකරමි.