IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘ආපදා මරණ සහ හානියට පත් නිවාස වෙනුවෙන් රජයෙන් වන්දි‘ - ඇමැති රාජිත

(අකිල බද්දෙවිතාන)

මේ වනවිට ආපදා තත්ත්වය හේතුවෙන් 151 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
පවතින තත්ත්වය පිළිබඳ දැනුම්දීමට අද(28) ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා එසේ කීවේය.
මේ වනවිට පවුල් 1,12,565ක් අවතැන් ව ඇති බවත් පුද්ගලයින් 4,38,295 දෙනෙක් ඊට අයත් බවත් කී ඇමැතිවරයා අතුරුදන් වූවන් ගණන 111ක් හා ආපදා හේතුවෙන් තුවාල ලැබූ ගණන 95ක් බවත් පැවසීය. අවතැන් වූවන් ආරක්ෂිත ස්ථාන 339ක සිටින බවත් ඔහු සඳහන් කළේය.
දේපළ හානි සැලකූ විට පූර්ණ නිවාස හානි 250ක් හා අර්ධ හානි 1085ක් වාර්තා වන බවත් කී ඇමැතිවරයා සියලු මරණයට පත් පුද්ගලයන් වෙනුවෙන් ද, හානියට පත් නිවාස සඳහා ද වන්දි ලබාදීමට රජය පියවර ගන්නා බවත් කීවේය.
ආපදා කළමනාකරණ වැඩ බලන අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය, යුද, ගුවන් හා නාවික හමුදා මාධ්‍ය නිලධාරීන් ද, කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ එස්.ආර්.ජයසේකර, වාරිමාර්ග අධ්‍යක්ෂ එම්.තුරේසිංහම් යන මහත්වරුද එම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

 



අදහස් (4)

‘ආපදා මරණ සහ හානියට පත් නිවාස වෙනුවෙන් රජයෙන් වන්දි‘ - ඇමැති රාජිත

gamini Sunday, 28 May 2017 03:37 PM

රාජිත ඇමතිතුමනි..., නිවාස අලුතෙන් සෑදීම සඳහා නිවාස ඇමතිතුමාට බලය සහ නිවාස ගොඩනැගීමේ අරමුදලක් පිහිටුවන්න. ජනතාව අඩු කිරීමට බලා සිටිනවා.

:       0       0

siri Sunday, 28 May 2017 07:13 PM

මෙවන් පාලකයෝ ඉන්න තාක්කල් මෙවන් විපත් සිදුවෙනවා.අධර්මිෂ්ඨ කම,වෛරය මුනෙන්ම පෙනෙනවා. ජනතාවට හෙන ගැහුවත් මොවුන්ට සුර සැප.ලෙඩකට පිට රට. ලංකාවේ රෝහල් ගැන සෑහීමකට පත්වෙන්න බරිනිසානේ රට යන්නේ.අහිංසක ජනතාවට කොකා පෙන්නන මොවුන්ට සොබා දහම දඩුවම් කරන දවස වැඩි අතක නොවේ.

:       17       119

sudesh Monday, 29 May 2017 03:41 AM

සති දෙකක් යන තුරු වන්දි දෙයි. මතකනේ ශාලාව, මීරියබැද්ද, මී තොටමුල්ල, අරනායක............. මීට වැඩිය හොදයි ශබ්ධ නැතිව ඉන්නවනම්

:       0       127

mena Monday, 29 May 2017 11:54 AM

පුදුම සල්ලි කාරයින් ඉන්න රටක්නේ .....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 12 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site