(හර්ෂණ තුෂාර සිල්වා)
විශේෂඥ සහන කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට ජපාන රජය කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසයි.
එම විශේෂඥ කණ්ඩායම මෙරට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඇතුළු පාර්ශව සමඟ සාකච්ඡා පවත්වා මීතොටමුල්ල ඛේදවාචක නැවත ඇතිවීම වළක්වා ගැනීමටත් ආපදා අවදානම් අඩු කරගැනීම සම්බන්ධයෙන් සහාය දීමටත් කටයුතු කරනු ඇතැයි ද ජපාන තානාපති කාර්යාලය කියයි.
මේ අතර මෙරට ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් විපතට පත් ජනතාවට බෙදා දීම සඳහා ආධාර තොගයක් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාට සංඛේතාත්මකව බාර දුන්නේය.
ජපානයේ ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය ඔස්සේ මෙම ආධාර තොගය ශ්‍රී ලංකාවට ලබා දී තිබේ.
කුඩාරම් 100ක්, නිදන ඇතිරිලි 500ක්, ජල පෙරණ 10ක්, ජල කෑන් 250ක්, විදුලි ජනක යන්ත්‍ර 10ක් ඇතුළු තවත් තාක්ෂණික උපකරණ රැසක් මෙම ආධාර තොගයට ඇතුළත් වෙයි.
COMMENTS
කසල කළමනාකරණයට උපදෙස් ගන්න හොඳම රට තමයි ජපානය. නමුත් ජපන් අයව ලංකාවට ගෙන්නලා තමයි උපදෙස් ගන්න ඕනේ...... එහෙම නැත්නම් ලංකාවේ දෙසපලකයෝ ටිකක් පන්දම් අල්ලන නිලදාරී ටිකක් එක්ක ජපානේ සවාරියක් ගහල සල්ලි නාස්ති කරලා නිකම් ඉඳි.