(අංජුල මහික වීරරත්න )
ආණ්ඩුවට කොන්ද පණ නැති බව ඇතැමුන් කියන්නේ ඔවුනට පරිනත ප්‍රජාතන්ත්‍රවාදය නොතේරෙන නිසා බව විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවකදී පැවැසීය.
රටේ ජනාධිපතිවරයා අගමැතිවරයා විවේචනය කිරීමට ඕනෑම අයෙකුට හැකියාව ලැබී ඇත්තේ ඒ පරිනත ප්‍රජාතන්ත්‍රවාදය නිසා බවද ඇමැතිවරයා කීවේය.
අතේ නීතිය සහ පොතේ නීතිය යනුවෙන් දෙකක් තිබෙන බව කී ඇමැතිවරයා පසුගිය රජය යටතේ ක්‍රියාත්මක වුයේ අතේ නීතිය බවත් යහපාලන රජය ක්‍රියාත්මක කරන්නේ පොතේ නීතිය බවත් පැවසීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
(ඡායාරූප -චතුර එස් කොඩිකාර)

COMMENTS
බණින තරමක් පහුගිය ආණ්ඩුවට බැනලා දැන් මේ ආණ්ඩුවට මිනිස්සු බනින කොට පරිනත දේශපාලනයක් කතා කරනවා.
"පරිනත ප්‍රජාතන්ත්‍රවාදය " කියන්නේ පාර්ලිමේන්තුවේ අම්ම මතක් කරලා බනින එකයි විනය විරෝධීව හැසිරෙන එකයි නම්, ඔය කියමන අපි පිලිගන්නවා. ඒ උනාට මහ බැංකුව හොරාකන එක, මහජන මුදල්වලින් සුපිරි වාහන අරගන්න එක, හොරුන්ගෙන් රුපියල් මිලියන ගණනින් අරගෙන , ඒ හොරු ආරක්ෂා කරන එක රටේ වැඩක් නොකෙරුණාට ඇමතිලා ගණන වැඩිකරගෙන යාම යනාදී දේ නම් පරිනත ප්‍රජාතන්ත්‍රවාදය වෙන්නේ නැහැ. එහෙම හිතනවානම් , අපිට හිතෙන්නේ තමනුත් අට පාස් නැතිව පාර්ලිමේන්තු ඇවිල්ල කියලා.
අනේ අපේ කට....පරිනත ප්‍රජාතන්ත්‍රවාදය හොදට තේරෙන ගොයියා....
රටේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති හෝ තේරුනත් ගණන්ගන්නේ නැති "පරිණත ප්‍රජාතන්ත්‍රවාදය" දෙන්න ගිහින් තමා දැන් සේරම කට්ටිය මකබැවිලා කර කියා ගන්න දෙයක් නැතුව කළුවරේ අතපතගාමින් කල යුත්තේ මොකද්ද කියල හොය හොයා නන්නස්තාර වෙලා ඉන්නේ. මේ "කොන්දක් නැති" පාලනයට වැඩිය " අතේ නිතිය" යොදාගෙන හරි හොරකම් කලත් ඇඟට දැනෙන්න, ඇහැට පෙනෙන්න රටේ අස්සක් මුල්ලක් නෑර උජාරුව පෙන්නමින් කසි කබල් හින්දි චිත්‍රපටයක් නරඹන වෙලාවේ වගේ මහජනතාව ඇස්බැන්දුම් සිහින ලෝකයක රජකරවන ලද පරණ ආණ්ඩුව කොච්චර හොඳද" කියන තැනට ඡන්දදායකයාගේ ඉහ මොළ සුද්ධවී ඇති අපුරුව තේරුම්ගෙන වැඩ කලොත් මහජනයාට නොතේරෙන ඔය කට කයිවාරුවට වැඩිය ඇඟට ගුණ වෙන්නට පුළුවන.........
ජනාධිපති අගමැතිට ප්‍රසිද්ධියේ බනින එක / වැරදි කියන එක " පරිනත දේශපාලනේ" නොවෙයි ආයතනයක් උනාම ඉන්න ඉහළම නිලධාරීන් දෙන්න එකතුවෙන්, සාකච්ඡා කරලා වේද කරන්න ඕනේ වේදේ කලාම "මම දන්නේ නැහැ, දෙනන් හිටියේ නැහැ" කියන්න අයිතියක් නැහැ නායකයෙක්ට......... ආණ්ඩුවට බනින්නේ ඕක නිසා විතරක් නෙමෙයි හොරු අල්ලලා යහපත් පාලනයක් ගෙන්නි මිනිස්සු ඡන්දේ දුන්නේ ගිය ආණ්ඩුවේ හොරුත් තම නිදැල්ලේ මේ ආණ්ඩුවේත් හොරු පිරිලා , එකයි ආණ්ඩුවට තියෙන ලොකුම චෝදනාව.
පරිණත?
ඔයාට ඩිජිටල් තේරෙන්නේ නැහැ.. අගමැතිට බදු අඩු කරන්න තේරෙන්නේ නැහැ..ජනධිපතිට මොකුත්ම තේරෙන්නේ නැහැ. අපිට මහජනතාව විදිහට වැඩක් කොරගන්න පුළුවන් කෙනෙක් ඔතනට යවන්න තේරෙන්නේ නැහැ.
ග්‍රීසියේ ඇතන්ස් නගරයේ 'පරිණත දේශපාලනය ' ගැන මම නැවත කියවමි. එය අවසන් කල විගස පරිණත ලංකා දේශපාලනය ගැන ලියමි.
රුපියල් දහයේ කාසියක් කටට දාන්න හිතෙනවා කියපු මසුරන් කියමනට.
ඇමතිතුමා කවද ඉදන්ද සින්දු කියන්න පටන් ගත්තේ. දයාසිරි මන්ත්‍රී තුමා "ට්‍රේනින්" පාරක් වත් දුන්නද?
පරිනත ප්‍රජාතන්ත්‍රවාදය යනු අම්බරුවන් රැලක් කුඹුරක හාන අයුරු උන්ව දක්කන උන්ට කියා දීම වේ.
කොහොමත් ඔය අට පාස් ගොබ්බසේනලට තේරෙන පරිනත දේවල් අපිට තේරෙන්නේ නැහැ. ඒක නම් ඇත්ත. මෙයාගේ පරිනත බව දැන ගන්න පුළුවන් මෙයා පසුගිය කාලය තුල කරපු ප්‍රකාශ ටික හරියට විශ්ලේෂණය කරානම්.
එතකොට දැන් තමුන්නාන්සේලා බලයේ හිටිය කියල පරිණත ප්‍රජාතන්තවාදය තියෙනවාද? අනේ නිකන් ඉන්න ඇමතිතුමා රටේ ජනතාව තමුන්නාන්සේලාට බලය දුන්නේ,පින්පඩි අරගෙන බයිලා කිය කියා ඉන්න නෙමෙයි.අද රටේ සංවර්ධනය හැම අතින්ම විනාශ වෙලා.ඉස්සෙල්ලා රට ජාතිය ගැන හිතලා වැඩක් කරලා පෙන්නලා ඉන්න. නමුත් තමුන්නාන්සේලා කතා කරන්නේ අහසින් එහා දෙවල් කරන්න. ඇමැතිතුමා හිතන්න එපා රටේ ජනතාව තමුන්නාන්සේලා වගේ මොඩයෝ කියලා .
පරිනත දේශපාලනය යනු; 1. බොරුකීම 2. හොරකම අහුවෙන විදිහට කිරීම 3. හිටපු ආණ්ඩුවට බැනීම 4. හැකි තරම් බදු ගැසීම 5. රටේ සම්පත් හිටු තියල විකිණීම 6. සංවර්ධනය ගැන (වැඩ නොකර) නිතරම කතා කිරීම. 7. අපේ රට පිට රටවලට පාවාදීම. 8. පත්තරෙන් නිවුස් දන ගැනීම. 9. කරපු වැරදි අමතකයි හෝ දන්නේ නැහැ කීම. තව විස්තරකල හැකිය. හෝඩියේ ළමයින්ට රචනාවකට නම් හොද මාතෘකාවක් මේක...
ලංකාවේ පරිනත දේශපාලනය යනු වැඩියෙන් හොරකම, දුෂණය,මැරකම, කරන එකද?
ගෝඨා මහතා ජනපති වූ පසු පරිනත ප්‍රජාතන්ත්‍රවාදය අපට තේරේවි.
යහපාලන රජය ක්‍රියාත්මක කරන්නේ පොතේ නීතියනං, ඕක උතුරේ විග්නේශ්වරන්, සිවාජිලින්ගම්ලාට බල පාන්න නැද්ද?
පරිණත හින්දා වෙන්න ඇති අර බැලුන් එක උඩ නොගියේ!
ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය අපි වගේ 3 ලෝකයේ රටවලට හරියන්නේ නහැ. අපි හැමදාමත් එකතැනමයි.
හොඳ ඩෝග් ට්‍රේනර් කෙනෙක්. පසුගිය මැතිවරණේ වේදිකාවල කෑ ගැහුවා..
මෙතුවක් කල් දේශපාලකයා ජනතාවට බේගල් කියමින් රවටමින් ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගත්තා තවමත් එම දෙයම කරන්න මහන්සි ගනිමින් ඉන්නවා නමුත් දැන් ජනතාව බුද්ධිමත් ඊට රැවටෙන්නේ නැහැ. දැන් වෙලා තිබෙන දෙය හොඳයි දේශපාලකයා චෝදනා කරගැනීම. මමනම් එයට සතුටුයි මන්ද එවිට මොවුන්ගේ සැඟවුණු හොරකම් දුෂණයන් එලියට එන නිසා.
බැලුමක් වත් හරියට උඩ ඇරගන්න බැරි කෙනෙකුට, ඔය කියන දේ තේරුම් ගන්න පුලුවන්ද? මේවා ඔක්කොම වැදි බණ...
දෝරේ ගලා යන ප්‍රජාතන්ත්‍රවාදයේ ගිලී නාගන්නා ඒ.ජා.ප. ය ගැන කවර කතාද? ඔබලාගේ ක්‍රියාදාමය කෙතරම් අශිස්ටද එ්නිසාම අද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කුමකටදැයි ප්‍රශ්නයක් මතු වී ඇත.