දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ බ්‍රහස්පතින්දා(30) පැවති ආගමික සංහිඳියාව පිළිබඳ සාකච්ඡාව මාධ්‍යවේදීන්ට තහනම් කෙරිණි.  

ඒ සඳහා මාධ්‍යවේදීන්ටද ආරාධනා කර තිබුණු අතර රැස්වීමට කෙසේ හෝ පැමිණෙන්නැයි ආණ්ඩුකාරවරයාගේ මාධ්‍ය ඒකකයෙන් මාධ්‍යවේදීන්ට දුරකථන ඇමතුම් ද ලබා දී තිබුණි.

මාධ්‍යවේදීන් එහි යන විට රැස්වීමට සියලු ආගම් නියෝජනය කරමින් පූජ්‍ය හා පූජකවරුන් පැමිණ සිටි අතර රාජ්‍ය නිලධාරීන් ද රැස්ව සිටිනු දක්නට ලැබිණි.

මාධ්‍යවේදීන්ට අසුන්ගැනීමට වෙනම ස්ථානයක් ද සූදානම් කර තිබිණි. 

එහි ගිය ලංකාදීප මාධ්‍යවේදිනිය මාධ්‍යවේදීන්ට වෙන්කර තිබූ ස්ථානයේ අසුන් ගත් අවස්ථාවේ ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත පැමිණි නිලධාරිණියක එම මාධ්‍යවේදිනිය එළියට කැඳවා ගොස් කියා සිටියේ මෙම අවස්ථාව සඳහා මාධ්‍ය ආවරණයක් අවශ්‍ය නැතැයි ආණ්ඩුකාරවරයා පවසන බවයි.

ඒ අනුව මාධ්‍යවේදිනිය එම ස්ථානයෙන් ඉවත්ව ගියාය.