( ඩී.කේ.රත්න )
විදේශ සේවා සහ ඩිජිටල් තාක්ෂණ පහසුකම් අමාත්‍යංශය මගින් විදේශීය රටවල සේවයේ නියුතු දෙමාපියන් හා මෙරටේ සිටින දු දරුවන් සම්බන්ධ කිරීම සඳහා අහසින් එහා නමින් නව වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතයි විදේශ සේවා සහ ඩිජිටල් තාක්ෂණ පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා අද (8) හාලිඇලදී පැවසීය.
හාලිඇල නගරයේ ඉදිකරන ලද විදේශ සේවා නියුක්ති කාර්යාලයේ ඌව පළාත් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම වැඩපිළිවෙළ යටතේ අහසින් එහා සිටින දෙමාපියන් අන්තර් ජාලය ඔස්සේ මෙරට සිටින දූ දරුවන්ට සම්බන්ධ කිරීමට කටයුතු කරන අතර විදේශගත වන සෑම පුද්ගලයකු සඳහාම නොමිලේ සිම්පතක් ලබාදී රෝමින් හරහා දෙමාපියන් සහ දරුවන් සම්බන්ධ කරන බවද පැවසීය.
මේ අනුව ළඟදීම විදේශ සේවා නියුක්ති කාර්යාලයේ නිළධාරීන් මේ සඳහා ගිවිසුම් අත්සන් කරන අතර මෙමගින් විදේශවල සිටින දෙමාපියන් හා මෙරට සිටින දූ දරුවන් අතර අන්තර් සබදතා ගොඩනැගීම තුළින් ගැටලූ අවම වී හොඳ ප‍්‍රතිඵල ලබාගත හැකි බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කොහොමත් අහසින් එහා තම එජාප ආණ්ඩුවක් පිහිටුවන්න වෙන්නේ ඔය යන විදියට
අහසින් එහා කියන්නේ "දිව්‍යලෝක" වල වැඩට ගිහින් ඉන්න උදවිය ගැනද?
දැන් නං ඉතින් කොහොමත් අහසින් එහා තමයි පෙන්නේ .
විශ්වය ගැන මෙයාට කිසිම දැනුමක් නැති බව පෙනෙනවා
සුරංගනා කතා වලත් මෙවන් මෝඩ කතා තිබෙනවා
එකම අහසක් මුලු පෘතුවියටම තියෙන්නෙ. සෞරෙන් එහා නම් හොද නමක්.
එකපාරක් ගූගල් වයි ෆයි බැලුමක් අහසට යවල හතරගාතෙන්ම වැටුන. මේ පාර අහසෙන් එහාට යවන්න ගිහිල්ල හෝම්බත් රිවට් වෙයිද දන්නේ නැහැ.
කියලාවැඩක් නැහැ එක කට්ටියක් විදේශ ගතවෙන ශ්‍රමිකයින්ට මහා ප්‍රචාරයක් කරලා එයාපෝට් එකේ කැවුම් කිරිබත් තේ කෝපිත් දුන්නා.
යටි ගිරියෙන් බොරුවට විකාර දොඩවන රටට වැඩක් නොකරන තවත් පින්ගුත්තරයෙක්.
මොන ලජ්ජාවක්ද මෙක. මැද පෙරදිග යන කන්තාවන්ගෙ අඩු පාඩු රටතුල විසන්දන්න නැතුව. බොහෝ ශ්රරමිකයන්ට හාමි පුතුන් තමන්ගෙ පවුලෙ අය සමග කතාකරන්න පවා නොදෙන්න එ රටෙ, මෙක කොහොමද සාර්ථක වෙන්නෙ. මේකත් හරියට නොමිලේ වයිෆයි වගෙ තමයි.
ඔහෙලා ඉන්නේ අහසින් එහා, හීන ලෝකයේ
මේ අයට පිස්සු. කයිවාරු ගහන්න විතරයි පුළුවන්...
මෙයත් ඉතින් අඟහරු ලෝකේ තියෙන "ගූගල් බැලුම ඇතුලේ රෝස්පාන් හිටවපු" බොබිලනේ. හා හා හොඳා හොඳා ..
ඊළඟ ඡන්දේ තිබ්බම ඔබතුමන්ලාට කොහොමත් අහසින් එහා ඉන්න අයගේ පිහිට තමයි.
රනිල්ගේ වයි ෆයි වගේද? ඔයත් රනිල්ගේ අැම්බැට්ටයෙක්ද?
මෙහෙමත් කෙනෙක්. දැන් සිම් එක ෆ්‍රී දීලා එන ලොකු රෝමින් බිල් ගෙවන්නේ මෙයාගේ බාප්පා වෙන්න ඇති. මතක තියාගන්න එක රෝමින් එස්.එම්.එස්. එකකුත් රුපියල් 3ක් විතර වෙනවා. සමහර අරාබි රටවල් වයිබර් එහෙම බ්ලොක් කරලා තියෙන්නේ. තවත් විකාර ප්‍රොෙජක්ට් එකක්.
ඇමතිතුමනි පළමුවෙන් විදේශ සේවා අංශය කාර්යක්ෂම කරන්න. ලියාපදිංචියේ සිටම....
ඉතාම හොඳ අදහසක්... මෙරට සිටින දරුවන්ට විදෙස්ගතව සිටින තම දෙමාපියන්ට සහනදායි මිලකට කතාකරන්න අවස්ථාව ලබාදෙන එක.
කවුද මේකට නම දැම්මේ. ඩිජිටල් අැමැති තව පාරක් අනාගන්න හදනවද? සයුරෙන් එහා කිව්වා නම් නරකද? මොකද තවම කිසිකෙනෙක් අඟහරු වගේ ග්‍රහලෝකවල සේවයට ගිහින් නැහැනේ.
පිස්සු වැඩ. ජනතා මුදල් කාබාසිනියා කරන වැඩක්. ඔබතුමාගෙන් මීට වඩා වැඩි දෙයක් ජනතාව බලාපොරත්තු වුණා. ඔබත් දැන් කාඩ්බෝඩ් වීරයෙක් වෙලා.
ඉතාම හොඳ අදහසක්... මෙරට සිටින දරුවන්ට විදේශ ගතව සිටින තම දෙමාපියන්ට සහනදායි මිලකට කතාකරන්න අවස්ථාව ලබාදෙන එක.
මොනවත්ම නොකර ඉන්නවා නම් තමයි හොඳ. මොකද කෙරුවත් මුදල් අපතේ යන නිසා...
අහසින් එහා? මොකද්ද මහත්තයෝ එකේ තේරුම? අහසේ සීමාවක් නැහැ. මොන ව්‍යාපෘතියකට හරි මේ නම හදපු කෙනා, තාරකා විද්‍යාව (ඇස්ට්‍රොනොමි) ගැන අහලාවත් නැති මැට්ටෙක් වෙන්නැති !
මෙයා බයිලා කින්, බලන්න මොබයිල් වල 1ක කෝල් එකට යන ගාන, ඒවගේම ඉන්ටර්නෙට්, සාමාන්‍ය දුප්පත් එක්කෙනෙක් මසකට රුපියල් 4500ක් වත් ගෙවන්න ඕනෑ... අපිව කනවා. පස්සේ අපිට ශෝභන කයිවාරු.
"මායා බෝංචි ඇටය" වගේ සුරංගනා කතාවක්ද මේ ආයුබෝවන්ඩ !!!
මට නම් ඉතින් මෙතන ලියන්න දෙයක් ඉතුරුවෙලා නැහැ...
රවී මහත්තයෝ, කමක් නැහැ .. කමක් නැහැ! ඔහේ මොනවා හරි අනන් මනං ටිකක් වත් ලියන්න. මේ කාලේ තේරුමක් තියෙන්නේ ඒවගේ තමයි!