(ඩයනා උදයංගනී)

ගංවතුර හා නායයෑම් හේතුවෙන් විපතට පත්වූවන්ට හිඟ විදුලි බිල්පත් ඇත්නම් ඒවා ගෙවීමට මාස 06ක සහන කාලයක් ලබාදෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

හානි වු නිවාසවල විනාශයට පත්වූ විදුලි මීටර නොමිලයේ ලබාදීමට හා විදුලි පරිපථ  නොමිලයේ පරීක්‍ෂා කරදීමට විදුලිබල මණ්ඩලය හරහා පියවර ගන්නා බව ද අමාත්‍යවරයා කියයි.

ජලගැලීම් ඇතිවූ ප‍්‍රදේශවල ආරක්‍ෂාව වෙනුවෙන් විසන්ධි කළ විදුලි සම්බන්ධතා නැවත ලබාදීම මේ වන විට කරගෙන යන බව කී අමාත්‍යවරයා සමහර ප‍්‍රදේශ වෙත ළඟාවීමට අපහසු නිසා එම කටයතු වලට බාධා ඇතැයි ඒ මහතා පවසයි.

011 3030303 යන දුරකථන අංකයෙන්  විදුලි බිඳවැටීම් ගැන දැනුම්දීමට  හැකි බව ද හෙතෙම කියයි.
සියඹලාපිටිය මහතා මේ බව පැවසුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (29)පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.