බිමල් ශ්‍යාමන් ජයසිංහ
රථ වාහන වැරැද්දක් සම්බන්ධයෙන් පොලිසිය බාරයට ගත් රියදුරු බලපත්‍රයක් නැවත එම පුද්ගලයාට ලබාදීම සඳහා රුපියල් දහසක අල්ලස් ලබාගත් කිරිබත්ගොඩ පොලිසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන්වරයකු මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පවසයි.
සැකකාර සැරයන්වරයා අද (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
මේ වගේ මැති ඇමැතිවරු හොරකම් කරපුවටත් ක්‍රියාමාර්ග ගන්න බැරිද?
පොලිස් මහත්වරුන්ගේ දින පොතේ මුලින්ම කරන රාජකාරිය තමා කොහොමහරි පගාවක් ගන්න එක. අනිත් රජකාරි ඊළඟට...
පොලිස් කාරයින්ට හොඳ පඩියක් දෙනවා නම් ඔහොම දෙකයි පනහේ වැඩ කරන්නේ නැහැ. දැන් ඉතින් කුම්බලා මාළු කෑවා නම් වදේ විඳින්න වෙනවා. මට නම් මිනිහ ගැන දුකක් හිතෙනවා.
වෙස්වලාගෙන ඇවිත් පොඩි වැරද්දක් කරලා බලන්න තව කොච්චර අල්ලගන්න පුලුවන්ද කියල.
මහා පරිමාන අල්ලස්කාරයෝ කවදාවත් අතට සල්ලි ගන්න අය නෙමෙයි. ඒවා වෙනත් ක්‍රම හෝ තුන්වැනි පාර්ශව හරහා කෙරෙන්නේ. අල්ලන්න ලේසි නෑ. අහුවුනත් ඒවා ඩොනේෂන් හරි මොකක් හරි කිව්වහම අපේ අය සාදු කියල පිළිගන්න නිසා ඔවුන් බයත් නෑ. මේ පොඩි කට්ටිය සල්ලි අතට ගන්න ගිහින් අහු වෙනවා.