IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අල්ලස් ගත්තැයි රිමාන්ඩ් කර සිටි ආයුර්වේද නිලධාරීන්ට ඇප

නිමන්ති රණසිංහ 
 
අල්ලස් සිද්ධියකට රක්ෂිත භාරයේ පසුවූ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නාවින්න කාර්යාලයේ නීති නිලධාරීවරයා සහ ආයුර්වේද වෛද්‍යවරයා එක් අයකුට රුපියල් 25,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

 
ආයුර්වේද නිෂ්පාදන කිහිපයකට බලපත‍්‍ර ලබා ගැනීම සඳහා නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත‍්‍ර කමිටුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාදීමට මෙම සැකකරුවන් දෙදෙනා   රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ඉල්ලා ඉන් 50,000ක මුදලක් ලබාගත් බවට අල්ලස් කොමිසම සැකකරුවන්ට එරෙහිව චෝදනා නගා තිබිණී.
 
ඒ අනුව මෙලෙස ඇප මත මුදා හැරුණේ මහරගම නාවින්න ආයුර්වේද කාර්යාලයේ සහකාර නීති නිලධාරී නිතීඥ ගුණවර්ධන මානගේ අමිත් සුසන්ත සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත‍්‍ර කමිටුවේ සාමාජික ආයුර්වේද වෛද්‍ය හෙට්ටිආරච්චිගේ දොන් ඩැනිස්ටර් ලෙස්ලි පෙරේරා යන මහත්වරුන්ය.



අදහස් (0)

අල්ලස් ගත්තැයි රිමාන්ඩ් කර සිටි ආයුර්වේද නිලධාරීන්ට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site