(නිමල කොඩිතුවක්කු)
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ අතුරුදන්වීම පිළිබඳව අතුරුදන් වූවන්ගේ කාර්යාලයට පළමු පැමිණිල්ල පිවිතුරු හෙළ උරුමය සිදුකළ බව එහි නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මහතා අද (26) පැවසීය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහබැංකු අධිපති කළ පිරිස දැන් නිහඩ පිළිවතක් අනුගමනය කරන බවද පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී කීවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මධු මාධව අරවින්ද මහතා මෙසේද කීය.
‘‘මේ සියවසේ පමණක් නෙවෙයි ලංකා ඉතිහාසයේම වෙච්ච විශාලතම හොරකම වන බැඳුම්කර වංචාව සිදුවුණේ අපි ජීවත්වෙන මේ කාලයේදීයි. එහි ප‍්‍රධානතම චූදිතයා වන අර්ජුන් මහේන්ද්‍රන් මිනිසුන්ගේ අවධානයෙන් පිටකරන්න රජය විසින් විවිධ උත්සාහයන් දරමින් සිටිනවා.
අර්ජුන් මහේන්ද්‍රන් පත්කිරීමේදී දිගින් දිගටම විවිධ පාර්ශවයන් අගමැතිවරායට චෝදනා ගෙන ආවා ඔහුව පත්කරන්නට එපා කියලා. දිනවල නම් අගමැතිතුමන් ප‍්‍රසිද්ධියේ එතුමන් වෙනුවෙන් පෙනී සිටියා.’’
COMMENTS
මෙයයි, මෙයාගේ නායකයයි දෙන්නම ජනතාවට විහිළු සපයන්න වෙන මහන්සිය දැක්කම දුකත් හිතෙනවා.
හොඳ අදහසක්. ඔහුව රටට ගෙන්වා තනතුරට පත් කළ පාර්ශවය දැන් නිහඬයි.
ඔය සාධාරණයම අර ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් සෙඩ්‍රික්ටත් ඉටු කළොත් මොන තරම් අගේද?
අම්මප, මේ පිවිතුරු කරුමක්කාරයන්ට අනන් මනං නැතුව වෙන කතා කරන්නේ දෙයක් නැද්ද?