IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අර්ජුන ඇලෝසියස් - පලිසේන යළි රිමාන්ඩ්

මනෝප‍්‍රිය ගුණසේකර 
 
ශී‍්‍ර ලංකා මහ බැංකු   බැදුම්කර නිකුතුවේදී අක‍්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුවීම සම්බන්ධයෙන් සැකපිට  මාස හතරකට ආසන්න කාලයක් පුරා සැකපිට රිමාන්ඞ් බාරයේ සිටින පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස්  සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහත්වරුන් ලබන මස 07 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියම කළාය. 
 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී අනාවරණය නොකළ යුතු මූල්‍ය සංවේදිතාවයක් ඇති රහස්‍ය තොරතුරු මහ බැංකුවේ යම් යම් පාර්ශ්වයන් විසින් ලබාදී තිබේද යන්න සම්බන්ධයනේ විමර්ශනයක් සිදුකරන ලෙසට මහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 2016 නොවැම්බර් මස 25 වැනිදා පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණීල්ලකට අනුව රහස් පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කොට ඇත.
 
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැ`දවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිසියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අම්පාවිල මහතා සිද්ධියට අදාළව පවත්වන ලද පරීක්‍ෂණ වල ප‍්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
 
පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට අදාළව දීර්ඝ වශ්‍යයෙන් පරීක්‍ෂණ සිදුකරන්නේ යැයිද පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස්  සමාගම් සමූහයේ සමාගම් අතර ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් මෙන්ම වොල්ටර් ඇන්ඞ් රෝ සමාගමද වන්නේ යැයි කීය.
 
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මෙන්ම වොල්ටර් ඇන්ඞ් රෝ සමාගමේද වත්කම් හා ආදායම් පිළිබ`ද සම්පුර්ණ වාර්තාවක් කැ`දවීමට අවශ්‍ය වී ඇති හෙයින් ඒ ස`දහා අවසර දෙන්නැයි ඉල්ලා සිටි ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා මහ බැංකුව මෙම සිද්ධියට අදාළව සිදුකළ වෝහාරික පරීක්‍ෂණ ස`දහා අවශ්‍ය සමහර ලේඛන ලැබී නැතැයිද එහෙයින් අදාළ සියළු ලේඛණ ලබාදෙන ලෙස පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස්  සමාගම් සමූහයේ සමාගම් අතර ඇති ආයතන 05ක ප‍්‍රධාන විධායක නිලධාරීවරුන්ට  නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
 
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කොලිත ධර්මවර්ධන මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට අදාළව සිදුකරනු ලබන පරීක්‍ෂණ ස`දහා තමන්ගේ කිසි`දු විරුද්ධත්වයක් නැතැයිද මීට පෙර දින කළ නියෝගයට අනුව තම සමාගම පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම සමඟ සිදුකළ සිය`ථම ගනුදෙනු සම්බන්ධ ලේඛන සති දෙකක කාලයක් තුලදී පොලිසියට බාරදුන්නේ යැයිද කීය.
 



අදහස් (2)

අර්ජුන ඇලෝසියස් - පලිසේන යළි රිමාන්ඩ්

Bamunuarachchi Thursday, 24 May 2018 11:52 PM

කොහොමද යාලුවනේ හොරකමට සහයෝගය දුන් දෙසපාලුවන්ට එළිපිට උදවු කොරන්න බැරි කමයි මෙතන වෙලාතිබෙන්නේ එත් යටින් සපෝට් එක ලැබෙනවා නේද? මනේන්ද්‍රන් ගොයියාත් සිංගප්පූරුවේ ඉන්නවා කියලා පොලිස්සිය කියන්නේ. KP අල්ලන් ආවට මහේන්ද්‍රන් අල්ලන්න බැහැ. 2020 අපි බලයට ආවාම මහේන්ද්‍රන් අල්ලනවා කියලා මහින්ද කියන්නෙත් නැහැ.

:       0       0

sanath Friday, 25 May 2018 03:39 AM

කොහොම සැප වින්ද මිනිස්සුද? මේකට කියන්නේ දිට්ටදම්ම වේදනීය කර්මය පටිසන් දෙනවා කියලයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site