පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂ නායකවරයකු වන අමිර්තලිංගම් මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ඡන්දය නොදී නැගිට ගියේනම් ඔහු දෙමළ නායකයකු ලෙස පිළිගත නොහැකි බවට පත්‍රිකාවක් බෙදූ එම් පරමේෂ්වරන් මාධ්‍යවේදියා පහරකෑමට ලක්වී ඇතැයි පොලිසිය කියයි.
අමිර්තලිංගම් මහතාගේ පුත්‍රයා වන කාන්දීපන් මහතා එම පහරදීම සිදු කළ බව පරමේෂ්වරන් මහතා සඳහන් කරයි.
අමිර්තලිංගම් මහතා වෙනුවෙන් පැවැති ගුණානුස්මරණ උත්සවයකදී ඔහුගේ පුත් කාන්දීපන් කියා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන ආ අවස්ථාවේ එම විවාධය යන අතරතුර අමිර්තලිංගම් මහතා සභා ගැබෙන් පිටව ගිය බවයි. එසේ නම් ඔහු දෙමළ ජනතාවගේ නායකයකු ලෙස පිළිගත නොහැකි බව සඳහල් අත්පත්‍රිකාවක් බෙදමින් සිටිය දී පරමේෂ්වරන් මහතා පහරකෑමලට ලක්ව ඇතැයි කියැවේ.
COMMENTS
රටේ බල පවත්වන නීතිය හැටියට මාධ්‍යවේදියකුට පහර දුන් මෙයාට විරුද්ධව නඩු පැවරිය යුතු වේ !!
ඒවා කොහෙද ? මේ සංහිදියාව.