( තිළිණි ද සිල්වා )
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද (28) සිට යළි විවෘත කෙරෙන තානාපති කාර්යාලය සඳහන් කරයි.
සේවකයින් කිහිපදෙනෙකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තානාපති කාර්යාලය පසුගිය 21 වැනිදා සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණි.
තානාපති කාර්යාලයේ සේවකයින් 5 දෙනෙකුට වයිරසය ආසාදනය වී තිබූ බව විදේශ සබඳතා අමාත්‍යංශය සඳහන් කළේය.
එම තත්ත්වයත් සමඟ තාවකාලිකව වසා දැමුණු අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට සිට යළි විවෘත කෙරෙනුයේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සෞඛ්‍ය අධිකාරිය විසින් නියම කර ඇති පූර්ව සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශ නිසියාකාරව අනුගමනය කරමින් යැයිද අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd