(විනීතා එම් ගමගේ)
අපි වැරදිකාරයෝ කරන්න හදන ලාමක උත්සාහවල නිරත වෙන්න එපා. අපි කාගෙන්වත් තේ එකක් වත් බීල නැහැ. අපි ගත්තය කියන දෙයක් පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිත් කියන්න කියල අපි අභියෝග කරනවා. ’’ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය, පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම් කරු දඹර අමිල හිමියෝ පැවැසූහ.
ජනාධිපතිවරයා භාර ජනතාව භාරදුන් කටයුත්ත නොකර අනෙක් සියලූම වැඩ කරන බවත් ඉදිරි මැතිවරණයේ දී හොඳින් හොයා බලා හොඳම බුලට් ගෙන එන්නට පුරවැසි බලය සුදානම් බවත් උන්වහන්සේ පැවැසූහ.
උන්වහන්සේ මේ අදහස් පළ කළේ මරදානසමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පුරවැසි බලය සංවිධානය විසින් අද (10) පැවැත්වූ මාධ්‍ය හමුවන් අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ අමිල හිමියෝ මෙසේ ද කීහ.
පූජාසනය ඉස්සරහට ඇවිත්, අල්තාරය ඉස්සරහට ඇවිත් බුදු අම්මෝ අපි ගත්තේ නැහැ කියන්න නොවෙයි මේ සාකච්ඡුාව කරන්නේ. මේ චෝදනා අපට අදාල නැහැ. මේ වෙනුවෙන් අපට වෙනම දේශපාලන සසාකච්ඡුාවක් කළ යුතුයි. නමුත් අපි කියනවා මිනිසුන්ට අපේ දේශපාලන භාවිතය බලන්න කියා. 2010 දි සරත් ෆොන්සේකා මහතා ජනාධිපති කරන්න කියා කියන්න මම ෙවිදකාවට නැග්ගේ එංගලන්තේ ඉඳල ඇවිත්. ඒ වෙලාවේ පළමු වෙනි රැුස්වීම තිබ්බ විතරයි මාව අත්අඩංගුවට ගත්තා. ඔය මිනිමරුවා මාව තියාගත්තා. ඒත් පුළුවන් වුණාද අපි මොනව හරි ගත්ත කියල කියන්න. කරපිංචා නැට්ටක දෙයක් අරන් තිබුණා නම් මොකද වෙන්නේ.
මේ වගේ දෙකයි පණහේ කොන්ද පණනැති හාදයින්ට පුළුවන් ද අපට චෝදනා කරන්න. හුඟක් අය කිව්වේ මේ වගේ අය අයින් කරන්න බැහැ කියලා. අපි යාපනේ පෙළපාලි ගිය අය. අපි එයා එලෙව්වා. මම අභියෝග කරනවා ජනාධිපතිට, අගමැතිට, හමුදාවන්ට, සි අයි ඞී, එෆ් සී අයි ඞී, එකට යුක්ති සහගත සංගායනාවන්ට එන්ට කියලා.
ඒකයි අපි මේ බය නැතිව අභියෝග කරන්නේ අපි සත පහක් වත් කාගෙන් වත් අරන් නැති නිසයි. මේ තරම් යාලුවෙන් හිටි ජනාධිපති එක්ක මෙහෙම තරහ වුණේ ඇයි කියල පත්තර අහනවා. අපට ඒකට තීන්දු ගන්න වුවමණා වුණේ රටට ඇති ආදරේ පමණයි. නිවැරදි භාවයේ හයිය පමණයි. නැතුව විශ්ව විද්‍යාල පට්ටම් නැත්නම් වෙන ඒවා නොවෙයි.
මෙහෙම නොවෙයි කෙලින් චෝදනා කරන්න පුඵවන් වෙන්න ඕන. එහෙම බැහැනේ. අපිට නම් පුළුවන් කෙලින් හොරාට හොරා කියන්න. කසි්ප්පු කාරයාට කසිප්පු කාරයා කියන්න. අපට නම් පාර්ලිමේන්තු වරප‍්‍රසාද අවශ්‍ය නැහැ.
මහින්ද රාජපක්ෂ ගේන්න වේදිකාවට නැග්ගේ අපි. 2015 අපි එයාට පල කිව්වා. 2015 දි මෛත‍්‍රිපාල සිරිසේන ගෙනාවේ අපි. අවුරුදු තුන යන්න කලින් අපි පල කියනවා.
ටී එන් එල් එකට බාධා ඇති කරමින් ඊ නිවුස් එකට තහනම් ඇති කරමින් මහින්ද කළාට වඩා නරකට දේවල් කරනවා මෙයා. බලාපොරොත්තු වුන, කරන්න කියල දුන්න වැඩ මොකවත් කරන්නේ නැහැ. අපි කිව්වේ මේක හදල යන්න කියලයි. කරන්න කියපු කිසි දෙයක් කළේ නැහැ. වෙනත් දේවල් කර කර තව ඉන්නයි හදන්නේ.
ජනාධිපතිට පුළුවන්නම් කියන්න කියල මම කියන්නේ දඹර අමිල මෙන්න මේවා මගෙන් ගත්තා කියල. මම තේ එකක් වත් බීල නැහැ. බොන්නෙත් නැහැ. ඒ අය තේරුම් අරන් නැහැ අපිව.
ඒ නිසා මම අභියෝග කරනවා ජනාධිපතිට, අගමැතිට, හමුදාපතිට, සි අයි ඞී ලොක්කට, එෆ් සී අයි ඞී ලොක්කට, කථානායකට පාර්ලිමේන්තුවට, මාධ්‍ය ආයතනවල මුදලාලිලාට, මම මේ මොනව හරි අරන් තියෙනවා නම් පෙන්නන්න කියලා. ඉදිරියේදිත් මාතෘ භූමිය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වෙනුවෙන් දිය හැකි ඕනම දෙයක් දෙන්න පුළුවන්. අංග ප‍්‍රත්‍යංග පුදන්න ලෑස්තියි. අපට සල්ලි නැහැ. අපි කරන්නේ රටේ වැඬේ. අපි මෙතන මාධ්‍ය හමු තියන්නේ සමහර විට ණයට, නැත්නම් කොටස් ලෙස ගෙවන්න.
මම කියන්නේ පුළුවන් නම් එළියට ඇවිත් කියපල්ලා අපි මොනවද ගත්තේ කියලා. අපි උත්තර දෙන්නම්. ජනතාවට අපි කියන්නේ අපේ ජීවිතේ ඉතිරි ටිකත් අපි මේ වගේ ම ගත කරනවා. කළු පැල්ලම් තියාගන්නේ නැහැ. ඒ ගැන සැකයක් තියා ගන්න එපා කියලයි. ’’ යැයි ද අමිල හිමියෝ පැවැසූහ.
(ඡායාරූපය - ලහිරු හර්ෂණ )


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හාමුදුරුවනේ අපිට පව් පුරවන්නේ නැතුව කරුණාකරලා අයින් වෙලා යන්න. ඇතැම් චීවරධාරීන් නිසා ශාසනයටම නිගාවක්...
තේ බොන්න ඕනෑ නැහැ හාමුදුරුවනේ... ඩොලර් ගත්තාම හොඳටම ඇති... පන්සිල් අපිට කියලා දෙන කට්ටිය නේද ඉස්සෙල්ලම කඩන්නේ...?
දිට්ඨධම්මවේදනීය..කර්මය.. අනුන්ට කළ අපහාස තමන්ටත් අඩු වැඩි නැතුව වළඳන්න ආයුබෝවන්...
මුලදී නම් කව්රු කව්රුත් සෝවාන් වෙලා වගේ තමයි කතාව. දැන් නම් ගලේ පහරපු බළල්ලු වගෙයි.
බලමු බලමු.. කතාව පටන් ගන්නකොට නම් කවුරුත් කපුරුභාමිලා වැඩේ ඉවරවෙන්නේ කුඩු කෑව අයවගේ...!
මේ කියවීම වැඩි හරියක් දෙනා හොඳටම දන්නවා. එ්ත් මේකට ඩිස්ල්යික් දාලා ඉන්න ගොන් රැල දැක්කාම හිතුණා. ලංකාව තව අවුරුදු 20කින් මෙහා ගොඩ ගන්න බැරි බව...
මේගොල්ලන්ට රටට, සාසනේට වඩා හාමුට කඩේ යන එක ලොකුයි.
ස්වාමීන්වහන්සේ කාගෙන්වත් දානෙ පිළිගන්නේ නැද්ද?
හාමුදුරුවනේ, ඔබවහන්සේ එදා සිට අද දක්වා සත්භාවයෙන් කටයුතු කරන රට ජාතියට හිතැති බුද්ධ පුත්‍රයකු බව බුද්ධිමතුන් බොහෝ දෙනෙකු දන්නා කරුණකි. එහෙත් මේ සියලු පාලකයෝ අපි සියලු දෙනා රවටා යහතින් එකට වැජබෙන බව තවමත් ජනතාවට අවබෝධ නොවීම කණගාටුවට කරුණකි.නොසැලී පෙරමුණ ගන්න .
මේ කතාකරන්නේ ඩොලර්ව්ස්ලට නෙමෙඉනං , උතුරේ තියෙන පන්සල් ඉවත්කරන්න ඒ දේශපාලකයෝ කරන උත්සාහයට විරුධව හාමුදුරුනමක් විදියට කතාකරන්නම ඕනෙනේ. එත් තවම කතාකරන්නේ 2015 දී ජනතාව රවටන්න කියපු බොරුටික තවදුරටත් ඇදගෙන යන්නනේ. මේ රජයේ කම්ම්බහොරු ප්‍රසිද්ධියේ කරපු හොරකම්ගන කිසි ගානක් නැහැනේ . ඒවායේ ප්‍රතිපල නිසානේ අද ඩොලරය රුපියල් 160 වෙන්නේ, ජනතාව මරාගෙන කන බදු ගහන්නේ .
මේවා අහනකොට රේරුකානේ හිමියන් වැනි හිමි වරු ශාසනයට ආලෝකයක් ...මේ වහන්සේ ගිහියන්ගේ සිව්පසයෙන් නොවේද යැපෙන්නේ ? එහෙමනම් සිව්රට උචිත නොවේ කියායි අපේ හැගීම.
ඔව් ඔව් අපිට තේරෙනවා එංගලන්තේ ඉඳල සල්ලි කුට්ටියක් අරන් ඇවිත් සරත් ෆොන්සේකා දිනවන්න වැඩ කල. ඊට පස්සේ 2015 ඩොලර් කුට්ටිය ලැබුනේ ඇමෙරිකන් තානාපති ගෙන් වෙන්න ඇති. අනේ මගේ කට.
හරි හාමුදුරුවනේ ඔය ඔක්කම හරි ඇයඔච්චර දේවල් දන්නා ඔබ වහන්සේ ඔය සිවුරට අගවුරව නොකර සිවුර ඇරලා ඇවිල්ල දේශ පාලනේ නොක රන්නේ. අනුන්ගේ වැරදි කියන ඔබ වහන්සේ තමන්කරන විශාලම වැරැද්ද හරිගස්ස ගන ජනතාව වෙනුවෙන් වැඩ කලොත් නරකද.
ඔබ වහන්සෙල මෛත්‍රී මහත්තය අමාරුවෙ දෑල පැන්න. ඔබල හිතුව මෛත්‍රීට ජනාධිපතිකම දුනනම ඔක්කොම හරි කියල. ඒ ව්‍යායාමයට අවශ්‍ය දේශපාලන ධෛර්‍ය්‍යය ලබා දුන්නෙ නෑ. ජනාධිපති පට්ටම තිබුනට රටක් ආණ්ඩ් කරන්න බෑ. ඒක ක්‍රියාත්මක කරන යාන්ත්‍රණය වෙන පැත්තක නම්. යහපාලන සංකල්පය ඇතුලෙ කොහොමවත් බෑ. මොකද හොරාට ඕන ක්‍රමයක් ඔට්ටුයි. ඒත් යහපානය කරනවා කියන කෙනා ඒ වචනයෙන්ම තමන්ගෙ දෑත් බැදගෙන. එතුම දේශපාලකයෙක් ලෙස අවශ්‍ය දේශපාලන හයිය ගන්න නිදහස් පක්ෂය බධාගත්ත. ඒක මර උගුලක් වෙච්ච ඒක වෙනම දෙයක්. විදියෙ සටන් කරපු යහපාලන විරෝධි බලවේල ඒකක වීදියෙදිම ගනුදෙනුව බේරගන්න ඔබල ඉදිරිපත් වුනා නම් නිදහස් පක්ෂයත් නිවැරදි මඟට එනවා. රටත් නිවැරදි මඟට එනවා. වැඩක් පටං අරන් ඉවර වෙනකං සටන් කරන්න කම්මැලිනම් ඒක නොකර ඉන්න එක ගොඩක් වටිනව.
ජරා දේශපාලනයට ඇවිත් පස් පඩංගුවේ අන්නුත්ට දෝශාරෝපනය නොකර හාමුදුරුවනේ රටේ ශාසනය නගාසිටුවීම කරන්න. මහන දම් පුරනකොට මාර්ග පළයකට වුනත් පැමිනෙන්න බැරකමක් නෑ.
එතකොට මෙච්චර දවසක් දානේ කෑවේ පන්සලේ උයාගෙනද?
දී කිරට බලල්ලුත් සාක්කි
මෙයා සිංහලයින්ව මුස්ලිම් සහ දෙමළුන් සමතැන් කරන්න කතාකරනවා.
තවත් එක්කෙනෙක් ඔහොම කිව්වා අපට මතකයි ජනාධිපතිවරණයට කලින්..
දැන් උන්නාන්සේ කියන විදිහට කිසිමදාක කාගෙන්වත් තේ එකක් බීලම නැද්ද? සාදු සාදු සාදු... අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි... කාගෙත් කිල්ලෝටවලත් හුණු ඩිංගක් හරි තියනවා කියලා පැරැන්නෝ කිව්වේ කට කහනවටද?
දානේ කාලා නෙමෙයි වගෙයි කතාව. 2005 දී මහින්ද ගෙනාවේ ඉන්දියාව. මහින්ද ඉන්දියානු රූකඩයන් වුනේ නැහැ. 2010 ඉන්දියාව ෆොන්සේකා ගෙනාවත් මහින්ද දිනුවා. 2015 සිරිසේන රූකඩය ගෙනාවේ ඉන්දියාවයි.
අපේ රටේ බෞද්ධයින් හාමුදුරුවරුන්ට වෙඩි තියන මානසිකත්වයට ගෙනල්ල තිබෙන්නේ ඔබලා වැන්නවුන්. එක මත තියාගන්න