IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


අපහාස නඩුව නවත්වන්නැයි විග්නේෂ්වරන් කළ ඉල්ලීම ඉවතට

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
 
අධිකරණයට අපහාස කළා යැයි චෝදනා කරමින් තමන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා කළ අතුරු ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය   ප‍්‍රතික්ෂේප කළේය.
 
උතුරු පළාත් ධීවර අමාත්‍ය බී.ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා   ඉදිරිපත් කළ අභියාචන පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය.
 
මෙම අභියාචන පෙත්සම ප‍්‍රසන්න ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන මහත්වරුන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.
 
උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ  බී.ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට ගත් තීරණය ඉකුත්දා ජුනි 28 වැනිදා  අත්හිටවූ අභියාචනාධිකරණය ඩෙනීෂ්වරන් මහතා එම අමාත්‍ය තනතුරේ නැවත පිහිටුවන මෙන් අතුරු නියෝගයක් නිකුත් කර තිබුණි.
 
එම අතුරු නියෝගය මේ දක්වා ක‍්‍රියාත්මක නොකිරීම තුළින් වගඋත්තරකාර ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා විසින් අභියාචනාධිකරණය වෙත නැවත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
 
එම පැමිණිල්ල සලකා බැලූ අභියාචනාධිකරණය අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා වගඋත්තරකාර ප‍්‍රධාන අමාත්‍යවරයා  වෙත මේ වන විට නොතීසිද නිකුත් කර තිබේ.
 
අභියාචනාධිකරණය හමුවේ පැවැත්වෙන තමන්ට එරෙහි අපහාස නඩු කටයුත්ත අත්හිටුවන මෙන් විග්නේෂ්වරන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් කළත් අධිකරණය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය.
 
ඩෙනීෂ්වරන් අමාත්‍යවරයා ඉවත් කිරීම අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය කර ඇති නියෝගය අවලංගු කරන මෙන් ඉල්ලා විග්නේශ්වරන් ප්ර්ධාන අමාත්යලවරයා විසින් ගොනු කර ඇති විශේෂ අභියාචනය ලබන 28 වන දා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශ කළේය.



අදහස් (0)

අපහාස නඩුව නවත්වන්නැයි විග්නේෂ්වරන් කළ ඉල්ලීම ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 61 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1013 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site