IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අනවසර අල්ලා ගැනීමක් නිසා ගිංඔය අසළ උණුසුම් තත්ත්වයක්

චන්දන ප‍්‍රනාන්දු
                                                
ගිංඔයේ ලුණුවිල පාලම අසල රක්ෂිත භුමියක් හා ප‍්‍රාදේශීය සභාවට අයත් මාර්ගයක්  අනවසර ලෙස අල්ලා ගැනීම සම්බන්ධයෙන් ගිංඔය සුරැකීමේ සංවිධානය හා ගම්වාසීන් විසින් වාරිමාර්ග නිළධාරින් හා ප‍්‍රාදේශීය සභා බලධාරින් මෙන්ම මෙම රක්ෂිතය අල්ලා ගෙන සිටින පිරිස දැනුවත් කිරිමට අද (7) උදෑසන එම ගිංඔය අසල කැදවු විරෝධතා රැස්වීම උණුසුම්කාරි තත්වයක් ඇති විය.                                                                                                                                          
මෙම රැස්වීමට එම රක්ෂිතය අල්ලාගෙන  සිටින පිරිස් නොපැමිණ ඔවුන් සිටින තැනට එන ලෙස පැවසීමත් සමඟ මෙම උණුසුම්කාරි තත්වය ඇති වු අතර ගිංඔය සුරැකීමේ සංවිධානයේ සභාපති අංගම්පිටියේ සුමංගල ස්වාමින් වහන්සේ  හා සාමාජිකයන් එම පිරිස නොමැති වුවත් ජනතාවට අයත් මෙම රක්ෂිතයේ ඇති අනවසර ඉදිකිරිම් හා ගිංඔයට පිවිසිමට ඇති මාර්ගය අවහිර කර ඇති පිරිස්වලට ගැටළුව ඇති තැනට ඇවිත් මේ සඳහා විසඳුමක් සෙවීමට වුවමනාවක් නැතිනම්  එයට එරෙහිව බළධාරින්ට පියවර ගන්නා ලෙසත්  බල කර සිටියේය.                                                                                                                                                         
මෙහිදි අදහස් දැක්වු වෙන්නප්ප්පුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා මහතා පවසා සිටියේ මෙය නීතිවිරෝධි කටයුත්තක් බැවින් ගිංඔයට පිවිසෙන  ප‍්‍රාදේශීය සභා මාර්ගය අවහිර කිරිම සම්බන්ධයෙන් අදාළ මාර්ගය අවහිර වන සේ ඉදිකර ඇති ඉදිකිරිම ඉවත් කිරිමට ඉදිරි සති 2 තුළ පියවර ගන්නා බවයි.


 එමෙන්ම වෙන්නප්පුව ප්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ ගිංඔය මුහුදට වැටෙන සීමාව දක්වා ඇති ගිංඔය රක්ෂිතයට හානිවන ආකාරයෙන් කර ඇති සියලුම ඉදිකිරිම් සම්බන්ධයෙන් ක‍්‍රමාණුකූලව පියවර ගන්නා බවත් මින් ඉදිරියට කිසිදු හානිකර ඉදිකිරිමට අනුමැතිය නොදෙන බව පැවසීය.



අදහස් (0)

අනවසර අල්ලා ගැනීමක් නිසා ගිංඔය අසළ උණුසුම් තත්ත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13264 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 50 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 884 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 265 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site