ඉන්දිකා රාමනායක
සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී දේපොළවලට අලාභ හානි කළැයි සැකපිට අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි ජූලි පස් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් දුලානි එස් වීරතුංග මහත්මිය නියෝග කළාය.
අද රාත්‍රී කොළඹ ජාතික රෝහලට ගොස් එහි ප්‍රතිකාර ලබමින් සිටි සුගතානන්ද හිමියන් පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.
වරෙන්තු නැතිව ඒ හිමියන් අත්අඩංගුවට ගැනීමට අද සවස පොලිසිය පැමිණි අතර ඊට සිසුහු විරෝධය දැක්වූහ.
COMMENTS
තරුණ බික්ෂුන් වහන්සේලා මහණවෙලා සිව්ර දාගත්තේ කුමකටද ? සබ්බදුක්ක නිස්සරණ නිබ්බාන සච්ච කිරියාය වෙනුවට මේ තෝරාගෙන තිබෙන්නේ බුදු මගද ? මහා නාහිමිවරුන් හෝ ඒ අයගේ ගුරු ස්වාමින් වහන්සේලා හරි මග කියා නොදෙන්නේ මන්ද ?මේ මහණකමේ අර්ථය බුදු දහමේ තිර පැවැත්මට සංගායනාවකට සුදුසු කාලය වේ
බුදුන් වහන්සේගේ නිර්මල බුදු දහමට නිගා කරන සිවුරු පොරවාගත් මේ අයගෙන් කාරයන්ගෙන් බුදු දහම ආරක්ෂා කරගැනීමට කාලය පැමිණ ඇත
මේ එක්කම ඔය උතුම් චීවරය වෙනුවට ගිහි ඇඳුම් දුන්න නම් තමයි ඒක ශාසනික සේවයක් වෙන්නේ... මොකද ශාසනය විනාශ කරනවනේ මෙහෙම කරනකොට....?
මහා රහතුන් වැඩි මඟ ඔස්සේම වැඩියා නම් කොයිතරම් යහපත්ද? මේවාට සම්බන්ධ නොවී...
දැන් කියයිද දන්නේ නෑ බෞද්ධයා නැති කරනවා කියල. හුඟක් අය දැන් බොදු දහමයි, සිවුරයි පටලවගනනේ ඉන්නේ. සිවුර පාවච්චි කරන්නේ අපරාධ කරලා රටේ පොදු නීතියෙන් ගැලවෙන්න.
සංඝ සභාව මේවට මොනවා කියයිද මන්දා?
මෙන්න හමුදුවරු. බුදුන් වහන්සේගේ ධර්මය හරියටම පිළිපදිනවා. පොඩි පිස්තෝල කෑල්ලක් දුන්නනම් හරි ඉක්මනට නිවන් යන්න.
මේ අය හින්දා ආගමත් එපා වෙනවා...
ගිහිභවතුන් දුක් මහන්සියෙන් උපයා ගන්නා මුදලින් හැකි තරම් උසස් අන්දමට දානය පූජා කර, පන්සල් නඩත්තු කරමින් ලබා ගන්නා පින්වලට වඩා අගතියක් සමහර පැවිද්දන් විසින් ගිහියනට ලබා දෙන බව අකමැත්තෙන් වුණත් කීමට සිදු වෙනවා. රාජ්‍ය ආයතනවලට බලෙන් කඩාවැදී, විශාල අලාභ හානි කිරීමට සමහර "හාමුදුරුවන්ට" ඇති බලය මොකද්ද?