ඉන්දිකා රාමනායක
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ කි‍්‍රයාකාරි කමිටුව ආරම්භ කර ඇති පාගමනේ විරෝධතාකරුවන්ට කොළඹ වෝඩ් පෙදෙසට ඇතළු විය නොහැකි වන සේ එම මාර්ගය බැරියර දමා වසා දැමීමට පොලිසිය කටයුතු කළේය.
වෝඩ් පෙදෙසට ළඟා වී ඇති විරෝධතා පාගමන නිසා දැඩි වාහන තදබදයක් කොළඹ නගර ශාලාව අවට ඇතිවී තිබේ.
පොලිස් ජල ප්‍රහාරක රථ තුනක් වෝඩ් පෙදෙසේ නතර කර තිබේ.
උද්ඝෝෂකයන්ට රාජ්‍ය ආයතන වලට ඇතුලූ වීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය (9) තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇත්තේ වෝඩ් පෙදෙසේය.



COMMENTS
මේ ගොල්ලන් පාගමන් යද්දී වෙනත් රටවල සිසුන් කම්කරු රැකියාකරමින් අතින් සරසවි ගාස්තු ගෙවා ඉගෙන ගෙන, පොඩි රැකියාවක් සොයාගෙන වෘත්තීය ජීවිතය පටන් ගන්නවා. ඊටපසුව හෙලිකොප්ටරයෙන් යන තරමට දියුණු වෙන්නේ... උපාධිය ලැබූ සැනින් මහ ඒජන්තකම ඉල්ලන්න තරම් මෝඩ නොවීමත්, අනෙකුත් සිසුන් අතින් වියදම් කර ඉගෙන ගැනීම නැවත්වීමට කුහක නොවීමත් නිසාය.
ශ්‍රී ලංකාවේ සරසවි සිසුන් කාලය කාදමමින් මේ කරන වැඩ තමන්ට මෙන්ම රටේ උන්නතියට කරන මහා අපරාදයකි. කැම්පස් ගියාම උසස් පෙළ කාලේ තිබුන උනන්දුව යනවා ගොඩක් ළමයින්ට. තමන්ගේ බුද්ධි මට්ටම උපරිමයෙන්ම මෙහයවා ඉගෙන ගන්න ඕන. රීසර්ච් කරන්න ඕන, තමන්ගේ නව සොයා ගැනීම් ප්‍රකාශයට පත් කරන්න ඕන. අන්න එහෙම වුන දවසක අපේ රටවල් ලෝකයේ දියණු තත්වෙට ඒවි. එතකම් මේ හැමදේම කාගේ හරි පදෙකට නැටීමක් විතරයි. තරුණ වයසට ඕව තේරෙන්නේ නෑ
සෑම් සහ බිමල් ඔබ දෙදෙනාගේ වැදගත් අදහස් මෙම විශ්වයේ දැනුම ලබාගැනීමට "ගොසින් සිටින මෙම දරුවන්" දැකීමේදී ඔවුන්ගේ ප්‍රතිචාරය වනුයේ ඔබලා වැස්සකටවත් ඉස්කෝලෙකට නොගිය අයසේ වනු නියතය. ඇත්තෙන්ම ඔබල මෙන්ම අපද වැස්සට හෝ අවුවට පමණක් පාසලට නොගිය අතර අප සියල්ලෝම පාසලට ගියේ ඉගෙනුමට පමණි. එමෙන්ම අපද මෙම දරුවන් ලෙසම විශ්වයේ දැනුම ලබගත්තෝ වන අතර අප කිසිවිට කිසිවෙකුගේ අතකොලු හෝ කිසිදු පක්ෂයකට ගැතිනොවූ අතර අපගේ අරගල වලදී කිසිවිට මහජනතාවට පිඩා වන අයුරින් ක්‍රියා නොකළහ.