IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අන්තර්ජාතික ක්‍රිකට් සභාවත් හවුල්කරගනිමින් විමර්ශනයක් ආරම්භ කළ යුතුයි

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දූෂණය වීමේ ආරම්භය අයි.පී.එල්. තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගි කරවීමට ගත් තීරණය බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කර ඇති තරග පාවාදීමේ ප්‍රකාශය සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් සභාවද හවුල් කර ගනිමින් ශ්‍රී ලංකාව විමර්ශනයක් ආරම්භ කළ යුතු බවත්, 1996 දී ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ හිටපු ඇමැතිවරයෙකු ද වන අර්ජුන රණතුංග මහතා පවසයි.

වසර 2011දී පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය පාවාදීමකට ලක්වූ බවට එවකට ක්‍රීඩා ඇමැතිවරයා ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා කර ඇති ප්‍රකාශය පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී ඔහු මෙසේ පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අර්ජුන රණතුංග මහතා මෙසේද පැවසීය.

“ක්‍රිකට් මේ රටේ මම අද කතාකරන්න කැමතිම නැති මාතෘකාවක්”

“අයි.පී.එල්. තරගාවලියට අපේ ක්‍රීඩකයන් යවන්න ගත් තීරණය මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණයට ආරම්භයක් දුන්නා. මොකද ක්‍රීඩකයන් මුදලට ක්‍රීඩා කරන්න ගන්න තීරණයත් එක්ක තවත් අය ක්‍රිකට් ක්‍රීඩාව සොයාගෙන ආවා” යයි කී රණතුංග මහතා.

“මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියන ආකාරයට තරග තරග පාවාදීමක් වෙලා තිබෙනවා නම් කළ යුත්තේ විමර්ශනයක් ආරම්භ කිරීමයි. අන්තර්ජාතික ක්‍රිකට් සභාවත් ඒකට හවුල් කරගන්න පුලුවන්”  යයිද පැවසීය.

 



අදහස් (5)

අන්තර්ජාතික ක්‍රිකට් සභාවත් හවුල්කරගනිමින් විමර්ශනයක් ආරම්භ කළ යුතුයි

මහීල් Monday, 22 June 2020 11:02 AM

ඔව්, ඉතින් තමන්ගේ කාලෙදි වගේ නෝනගේ නමට ඉන්ෂුවරන්ස් කොම්පැනියක් හදලා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්ෂුවරන්ස් එක දාගත්තා නං හරිනේ...

:       253       220

Indunil Monday, 22 June 2020 11:21 AM

දැන් මහින්දාන්නද හත්පොලේ ගාගෙන හින්දා ඔහොම කිව්වට, 2017දී මෙයත් කිව්වා 2011දී තරඟ පාවාදීමක් ගැන... ඒක අද තරම් නැගලා ගියේ නෑ. රටේ ඊට වඩා ප්‍රශ්න තිබුණු නිසා වෙන්න ඇති..

:       23       278

savantTuesday, 23 June 2020 04:20 AM

මහින්දානන්ද හත්පොළේ ගාගත්තේ කියපු වෙලාවේ වැරැදියි කියලා නමුත් ලෝක පූජිත ක්‍රීඩකයෝ පවා පගා ගහලා අහුවුණා... ඒ නිසා මේ ගැන සෙවිය යුතුමයි.

:       0       0

ගමේ එකා Monday, 22 June 2020 01:09 PM

ලෝක කුසලානේ දිනපු වෙලේ ලැබුණු සල්ලිත් මාටියා ගැහැව්වා කියලා කවුරුත් දන්නවා. ඔක්කොම දේශපාලනෙන් හොරාකාලාම බඩවඩා ගත්තු අය.... අනික් අය ගැන මොන විමර්ශනද?

:       103       8

Prabha Monday, 22 June 2020 01:47 PM

අපි නම් තරගයේ අවසන් කොටස බැලුවෙත් වික්කා කියලා බැණ බැණ...

:       1       53

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 681 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site