IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අධිකරණ සංවිධාන කෙටුම්පත ඉවත දමන්නැයි නීතීඥ සංගමය ඉල්ලයි


 
තිළිණි ද සිල්වා සහ  රංජන් කටුගම්පොළ 
 
අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතේ සඳහන් පරිදි ත්‍රිපුද්ගල මහාධිකරණ යැයි සඳහන් අධිකරණ වර්ගයක් නැති බැවින් එම   එම පනත් කෙටුම්පත මුළුමනින්ම ඉවත දැමිය යුතු යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැන්වීය.
 
අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට එරෙහි විශේෂ පෙත්සම් 07ක් අද   ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතීඥවරයා මේ බව සඳහන් කළේය.
 
යෝජිත ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවීමේ විධි විධාන ඇතුළත් අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් මඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බව පවසමින් මෙම පනත් කෙටුම්පත විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකින් සහ ජනමත විචාරණයකින්  සම්මත කරන ලෙස ඉල්ලා   ඒකාබද්ධ විපක්ෂයේ නායක   දිනේෂ් ගුණවර්ධන මහතා ,   ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඇතුළු හත් දෙනෙක් පෙත්සක් ගොනු කරනු ලැබ සිටිති.
 
මෙම පෙත්සමට එරෙහිව කරුණු දැක්වීමට ස  අතරමැදි පෙත්සම් 14 ක් ගොනු කර තිබේ.
 
මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක , ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ,  මුදල් රාජ්‍ය ඇමති ඉරාන් වික‍්‍රමරත්න  , විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා , නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන  , මහාචාර්ය සරත් විජේසූරිය , සමන් රත්නප්‍රිය , ජයදේව උයන්ගොඩ , කේ.ඩබ්ලිව් .ජනරංජන ,ගාමිණී වියන්ගොඩ සහ ජගත් හේමචන්ද්‍ර යන මහත්වරු  එම අතරමැදි පෙත්සම්කරුවෝය.
 
මෙම පෙත්සම් සහ අතරමැදි පෙත්සම් අද අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ  සහ නලින් පෙරේරා යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි. 
 
 මෙම අතරමැදි පෙත්සම් වල සඳහන් වන්නේ විශේෂ මහාධිකරණ තුනක් පිහිටුවීමේ විධි විධාන ඇතුළත් , අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත මෙරට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල දැමූ පනත් කෙටුම්පතක් වන බවය.



අදහස් (5)

අධිකරණ සංවිධාන කෙටුම්පත ඉවත දමන්නැයි නීතීඥ සංගමය ඉල්ලයි

Ratna Saturday, 17 March 2018 02:32 AM

කෙටුම්පත ඉවතට දැමිය යුතුය.

:       64       25

BuddikaSaturday, 17 March 2018 05:45 AM

සුදුසු තීරණය ගරු අධිකරණය ඉදිරිපත් වී ඇති කරුණු සලකා බලල දෙයි. එම තීන්දුවට ගරු කිරීම සියලු දෙනගේ වගකීම. ඔබතුමා අධිකරණය ගත යුතු තීරණ ගැනීමට යන්න එපා......

:       0       0

gunasekara Saturday, 17 March 2018 08:00 PM

අවුරුදු ගානක් වවාගෙන කන්න අපොස උසස්පෙළ ආර්ට් යාන්තමින් පස්වුණු කට්ටියට වෙන රස්සාවක් නැහැනේ .

:       0       0

kohana Saturday, 17 March 2018 08:05 PM

මේ නඩු කල්දාගන්න වාරවල් වලට වෙනම ගෙවන්න ඕනේ නැහැ කියල වගන්තියක් ඇතුලත් කරන්න බැරිද දන්නේ නැහැ ? ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට උල්ලංගනය වෙන්නේ නැහැ නේද?

:       0       0

ranjith Saturday, 17 March 2018 10:18 PM

අපි ට නම් දැන් තේරෙන විදියට මේ රටේ ලොක්කන්ට ඕනේ හොරකමක් කරන්න පුළුවන් නීතිය සාමාන්‍ය ජනතාවට විතරදෝ කියලා හොරකම් ගැන කියනවා විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site