IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


අධිකරණය විවේචනය කිරීමේ චෝදනා පත්‍රය වෛද්‍ය පාදෙණියට බාරදෙයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මාළඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් අධිකරණයට අපාහාසයක්  කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන චෝදනා පත‍්‍රය අභියාචනාධිකරණය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතාට අද (22) බාර දෙනු ලැබීය.
අගෝසතු 2 වැනිදා මේ පිළිබඳව විභාගය පැවැත්වීමටද නියෝග කැරිණි.
එසේම එම නඩු තීන්දුවට අපහාස වන ප‍්‍රකාශ නිකුත් කිරීම , ලිපි පළ කිරීම ,ප‍්‍රකාශන පළ කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වළක්වමින් මෙම නඩුව අවසන් වන තෙක් බලපැවැත්වෙන පරිදි අතුරු නියෝගයක්ද අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලදී.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (21)

අධිකරණය විවේචනය කිරීමේ චෝදනා පත්‍රය වෛද්‍ය පාදෙණියට බාරදෙයි

Fonseka Monday, 22 May 2017 12:36 PM

කාර්ලෝ ෆොන්සේකා මහත්තයා නම් මේ වගේ දේවල්වලට සම්බන්ධ වෙන්නේ නැහැ..

:       6       32

maahinda rajaa Monday, 22 May 2017 12:47 PM

අනිවාර්යෙයන් නීතිමය දඬුවම් ලබාදිය යුතුය..

:       200       346

රජීව් Monday, 22 May 2017 01:10 PM

මෙතනට ඇවිල්ලා තියෙන උදවිය දැක්කම හිතාගන්න පුළුවන් GMOA එකේ ප්‍රධානීන්ගේ අරමුණ මොකක්ද කියලා...

:       16       202

C.K. Lankaputhra Monday, 22 May 2017 01:15 PM

මෙහි සිටින අයගෙන් පෙනී යන්නේ මේ විත්තිකරු කාගේ කව්ද? මේ උද්ඝෝෂණය මෙහෙය වන්නේ කවුරු බලයට ගෙන්වන්නද කියන එක...ගැන තමයි.

:       25       127

dammi Monday, 22 May 2017 02:01 PM

මහින්ද කියන්නේ නියම රජෙක්....

:       330       27

Rohitha Monday, 22 May 2017 02:11 PM

නිකන් බේත් කඩෙන් ලැබෙන සල්ලිටික අරගෙන ඉන්නේ නැතිව, තව ලොකු කුට්ටි ගන්න ගිහින් දැන් ඉල්ලගෙන කන්නයි වෙන්නේ... එහෙම නේද?

:       15       69

Susil Monday, 22 May 2017 02:20 PM

එතකොට ස්ට්‍රයික් කරන්න නියම හේතුව මේකයි, ඔක්කොම උසාවි එන්න නිවාඩුවක් ගන්න. අර මූණ අතින් වහගෙන ඉන්න කෙනා නේද කිව්වෙ එයාගෙ උසස් පෙළ ප්‍රතිපල මතක නෑ කියලා?

:       5       114

saman Monday, 22 May 2017 02:21 PM

සංගමයත්, සභාවත් දෙකම එකක් වගේ...

:       3       63

sadaham Monday, 22 May 2017 05:15 PM

සර්පයෝ ටික ගරු අධිකරණයෙන් එලියට සැපත් වූ වගයි

:       10       52

සාරසී Monday, 22 May 2017 06:32 PM

මේක පිටිපස්සෙන් ඉන්න අය බලාගන්න හොඳම අවස්ථාව

:       17       66

sumudu Monday, 22 May 2017 11:07 PM

මේ ඉන්නේ ළමා රෝග විශේෂඥයෙක්. ලංකාවේ මෝඩ මිනිස්සු හොර තක්කඩි දේශපාලකයින්ට මල් තියල වඳිනවා. මේ වගේ කෙනෙක් දැක්කහම ගල් ගහනවා . පාදෙණිය එන්න මම ඉන්න රටට . ඔබට ලැබෙන තැන බලන්න. පේන විදිහට ලංකාවට ඔබව අවශ්‍ය නැහැ . අවශ්‍ය හොරු තක්කඩින්.

:       0       0

wasantha Tuesday, 23 May 2017 01:21 AM

මෙයා කටුතු කරන්නේ දේශපාලන අරමුණක් වෙනුවෙන්. අධිකරණයට අපහාස කරන කාට නමුත් දැඩි දඬුවම් දිය උයුතුයි. පින්තුරය දේශපාලන වටපිටාව පැහැදිලිව පෙන්වයි.

:       0       0

chaminda Tuesday, 23 May 2017 02:46 AM

ප්‍රකාශවලට උත්තර දෙන්න අමාරුද? කියන දේ ඇත්ත නේද?

:       0       0

චන්ද්‍ර Tuesday, 23 May 2017 03:26 AM

අනෙක් ඕනෑම වෘත්තිකයෙකු අතින් වෙන වැරදි විවේචනය කරන්න පුළුවන්. නීති වෘත්තියේ අයගේ වැරදි කතා කරන්නම බැරිද?. එතකොට ඔය හිටපු අගවිනිසුරුවරයෙක් කියලා තිබුණේ එයා දීපු තීන්දුවක් වැරදුනා කියලා.

:       0       0

ලුම්බිණි Tuesday, 23 May 2017 03:28 AM

මේ කට්ටිය දැක්කම අපේ රට ගැන ඇති වෙන්නේ දුකක්.... අර අහිංසක රෝගීන්ගේ ජීවිත උගසට තියලා සටන් දිනන එක ජයක් කියලා හිතන තරමට සමහරක් විද්වතුන්, උගතුන් අද පත්වෙලා තියෙන තත්වය කොපමණ පහත්ද?

:       0       0

Deepal Nirosh Tuesday, 23 May 2017 03:43 AM

ආණ්ඩුවත් එක්ක ෂේප් එකේ තමන්ගෙ ගමන යන්නෙ නැතුව හැප්පෙන්න ගිහින් ඇණ ගත්තා නේද? දැන් ඉතින් උසස් වීම් රට සවාරි ශිෂ්‍යත්ව ඔක්කොම අහිමියි. නාවික හමුදාපති සේවා දිගුව ගත්ත හැටිවත් මෙයාලා අධ්‍යයනය කරලා නැහැ.

:       0       0

PA-RA Tuesday, 23 May 2017 04:11 AM

මාලඹේ සයිටම් ආයතනය කියන්නේ,... මැති ඇමති, යම් ආයතන ප්‍රධානින්... ලොකු ලොක්කන්ගේ දරුවන්ට හැදුව තැනක්..., දුප්පත් දරුවන්ට තමා ඔය රජයේ සාමාන්‍ය සරසවි, ඒ ඔබගේම බදු වලින්, ඉතින් දෙන දේ කාලා වෙන දේ මොකක්ද කියලා දෙමව්පියන්ට දුක් නොදී බලන් ඉන්නයි තියෙන්නේ.... අපි යන්නෙත් නෑ ඒ අයගෙන් බෙහෙත් ගන්න..

:       0       0

angelo Tuesday, 23 May 2017 04:35 AM

දොස්තර මහත්වරු වෙන්න හොඳ පවුල් පසුබිමකුත් තිබිය යුතු බව කිව යුතුයි.. මොකද ඉස්සර ආපු දොස්තරලා රෝගීන්ට හොඳට කතාකරලා ප්‍රතිකාර කලා. මුදල් ගැනම හිතන්නේ නැතිව...

:       0       0

සනත් Tuesday, 23 May 2017 04:42 AM

ඔය කවුරු මොනව කිව්වත් මෙතුමාල නැත්නම වෛද්‍ය විද්‍යාලත් ටියුෂන් කඩ ගානට වැටිලා අපේ රෝගීන්ට දෙයියන්ගෙම පිහිටයි. දේශපාළුවොනම් කැස්සක් හැදුනත් බෙහෙත් ගන්න රට යයි අපේ බදු සල්ලි වලින්.

:       0       0

කසුන් Tuesday, 23 May 2017 04:47 AM

වදුරන්ගෙන් බණ අහලා ජේතවනාරාමෙට ගල් ගහන කට්ටිය

:       0       0

saitm Tuesday, 23 May 2017 09:40 AM

ඊරිසියාවෙන් පිරුන, කුහකකමින් ඇස් අන්ධ වුන, මන්ධ බුද්ධිකබාවය ප්‍රකට කරන, SAITM එකට කඩේ යන (SAITM සිසුන් විය හැක ), විවිද දේශපාලන පක්ෂ වලට කඩේ යන, අනාගතයේ වෛද්‍යවරුන් යැයි කියා ගන්නා සුදුසුකම් නොලත් පුද්ගල්යින්ගෙන් තමන්ට බෙහෙත් ගන්නට වීම වලක්වාගන්නා උත්සාහයට අකුල් හෙලන කිහිප දෙනෙකුගේ අදහස් මෙහි පලෙවී ඇත.

:       0       53

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 26497 29

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18162 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10868 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 613 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 178 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 840 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site