( බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
වැලිකඩ බන්ධනාගාරයේ සිට හෝමාගම අධිකරණයට රැගෙන ආ රැඳවියකු එම ස්ථානයෙන් පළා යාමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
අද (17) උදෑසන මෙය සිදු වී තිබේ.
සැකකරු මත්කුඩු නඩුවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින අයකු වන අතර ඔහු අද වෙනත් නඩුවක් සඳහා අධිකරණයට රැගෙන ගිය අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී මෙලෙස පළා ගොස් තිබේ.
අනතුරුව අධිකරණ භූමිය ආසන්නයේ පිහිටි ප්‍රාදේශිය ලේකම් කාර්යාල ගොඩනැගිල්ලක සැඟව සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේදී කළ වෙඩි තැබීමකින් සැකකරු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

( ඡායාරූපය - බිමල් ශ්‍යාමන් ජයසිංහ )

(ඡායාරූපය - බුද්ධික කුමාරසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම ආරක්ෂක වැඩපිළිවෙලක් නැහැනේ බැලුවම .
ඉවරයක් කරලම දාන්න...........