(නිමන්ති රණසිංහ)
සයිටම් විරෝධී සරසවි සිසුන් හා සයිටම් ආයතනයට සහාය දක්වන වෘත්තීය සමිති යන කණ්ඩායම් දෙකක් අද(27) කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණ නවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.
අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂූ බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්තනරව්වේ ජිනරතන, අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ උප සභාපති සමීර මධුෂංක සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය යන අයට එරෙහිව අධිකරණය එම තහනම් නියෝග පැනවීය.
එකම ස්ථානයේ එකම වේලාවේ එකිනෙකට විරුද්ධ පාර්ශවයන් දෙකක් උද්ඝෝෂණ පැවැත්වීමට යාමෙන් මහජන සාමය කඩවන ආකාරයෙන් කටයුතු කිරීමට යන බව කියමින් පොලිසිය කළ ඉල්ලීමක් අනුව එම නියෝග නිකුත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මින් පසුවට පුරවැසි බලය උද්ඝෝෂණ තියන කොට කලින් දැනුම් දෙන්න. බොහෝ දෙනා බලාගෙන ඉන්නවා එකතු වෙන්න.
අපරාදේ පිරිමි මිසීට අල්ලාගෙන නෙලන්න තිබ්බ චාන්ස් එක නැතිවුණා. ඕක තිබ්බනම් කප්පස් කොල්ලෝ ඕකගේ දත් ටික ගලවනවා
මිනිස් බිල්ලක දැඩි අවශ්‍යතාවයක් පවතින වකවානුවක, රජයේ නිද්‍රා ශීලී බව ගැන අපගේ බලවත් කනගාටුව.
තහනම් කලයුත්තේ අන්තර උද්ඝෝෂණ