හර්ෂණ තුෂාර සිල්වා
දිවයිනට කිලෝමීටර 800කට දුරින් ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය නිසා උතුරු සහ නැගෙනහිර පළාත්වල විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩි වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අඩු පීඩන තත්ත්වය තවම පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී නොමැති බව මෙම තත්ත්වය සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බව සඳහන් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ත්‍රිකුණාමලයට කිලෝමීටර 800ක් දුරින් අඩු පීඩන තත්ත්වය පවතින බව ද සඳහන් කරයි.
මුහුදු බඩ ප්‍රදේශවල සිට කිලෝමීටර 200කට ඔබ්බෙන් මුහුදේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 90ත් 100ත් අතර වනු ඇතැයි ද උතුරු සහ නැගෙනහිර මුහුදු තීරයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 60ත් 70ත් අතර වනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව කියයි.
ධීවර හා නාවික කටයුතුවල නිරතවීමෙන් වළකින්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් මහජනතාවට දැනුම් දෙයි.
2025 දෙසැම්බර් මස 04
538
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
485
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අඩු පීඩන තත්ත්වය කිලෝමීටර 800කට දුරින්
indika Wednesday, 06 December 2017 03:41 AM
ඔය ගොල්ලෝ කියන දේවල් රටේ ජනතාව විශ්වාස කරන්න තව ගොඩක් කල් ඉන්නවා වගේ. ගිය බදාදා කරපු විහිළුවට පස්සේ....