IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


අගමැති එයි

(ටී.කේ.ජී.කපිල )
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු දූත පිරිස සිංගප්පූරුවේ පැවති කොළඹ කොටස් වෙළඳ පළ මගින් සංවිධානය කළ " ඉන්වෙස්ට් ලංකා " සමුළුවට සහභාගි වීමෙන් අනතුරුව අද (02) රාත්‍රී 9.00 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ  ශ්‍රී ලංකාවට පැමිණියේය.



අදහස් (25)

අගමැති එයි

මංගලිකා Friday, 02 March 2018 07:15 PM

ඔබතුමා ආයෙත් ශ්‍රී ලංකාව බැලීමට ඇවිත්. සාදරයෙන් පිළිගන්නවා අපේ රටට....

:       169       423

aseSunday, 04 March 2018 09:11 AM

ඔබට මමත් එකතු වෙනවා. මොන දේවල් මෙතන අය ලිව්වත්, ඔය කෙනෙකුට පුලුවන්ද ඔය වගේ තැනක හරි විදියට කතාවක් කරන්නවත්... මහින්දගේ සහ සිරිසේනගේ හෝ හිටපු අගමැතිගේ කතාවල් භාෂාව හැසිරවීම මම කියන්නේ ඉංග්ලිෂ් වලින්, අපිට ජාත්‍යන්තරයෙන් වෙන්විලා ඉන්න පුළුවන් කියන්නේ ජවිපය එක විතරයි.

:       30       0

BamunuarachchiMonday, 05 March 2018 05:16 AM

ඉංග්‍රීසි කතා කල පලියට කතා කළ කෙනාව ලෝකේ පිළිගන්නේ නැහැ. කතා කලේ කුමක්ද කියන එකයි වටින්නේ. සිංගප්පූරුවේදී ශේක්ස්පියර්ගේ ඉංග්‍රීසි වලින් මම ලංකාවේ බලයට පත්වෙලා ගැහැණුන්ට සහ පිරිමින්ට රතතරන් චේන් සහ බ්‍රේස්ලට් දෙන්න ලැහැස්ති කරනවා කිව්වොත් කොහොම හිටීවිද? පුටින් කතා කරන්නේ රුසියන් භාෂාවෙන්, ජර්මන් චාන්සලර්වරිය කතාකරන්නේ ජර්මන් වලින්... අැයි සිංහලයින්ට වටිනා අදහස් ටිකක් සිංහලෙන් කියන්න බැරි? එවලේම එය අනිකුත් භාෂාවට පරිවර්තනය වී අසන්නට ලැබෙනවා. මෙතනදී වටින්නේ භාෂාව නොවෙයි පලකරන අදහස්...

:       0       0

BamunuarachchiMonday, 05 March 2018 05:16 AM

"ඔබට මමත් එකතු වෙනවා" ඔබලා එයාට එකතුවුණු නිසා තමයි අපට මෙහෙම වුණේ හලෝ... ඉංග්‍රීසි කතා කළ පලියට කතා කළ කෙනාව ලෝකේ පිළිගන්නේ නැහැ. කතා කළේ කුමක්ද කියන එකයි වටින්නේ... සිංගප්පූරුවේදී ශේක්ස්පියර්ගේ ඉංග්‍රීසි වලින් මම ලංකාවේ බලයට පත්වෙලා ගැහැණුන්ට සහ පිරිමින්ට රත්තරං චේන් සහ බ්‍රේස්ලට් දෙන්න ලැහැස්ති කරනවා. කිව්වොත් කොහොම හිටීද? පුටින් කතා කරන්නේ රුසියන් භාෂාවෙන්... ජර්මන් චාන්සලර්වරිය කතාකරන්නේ ජර්මන්වලින්... අැයි සිංහලයින්ට වටිනා අදහස් ටිකක් සිංහලෙන් කියන්න බැරි? එවලේම එය අනිකුත් භාෂාවට පරිවර්තනය වී අසන්නට ලැබෙනවා. මෙතනදී වටින්නේ භාෂාව නොවෙයි, පලකරන අදහස්... ගිය ඉස්කෝලේ නොවෙයි වටින්නේ, ඉගෙන ගත්තේ මොනවාද කියන එකයි.

:       0       0

rama Friday, 02 March 2018 08:01 PM

අනේ තනියමනේ ඇවිල්ලා තියෙන්නේ කෝ අර්ජුන් මහේන්ද්‍රන්?

:       158       404

lalith Friday, 02 March 2018 09:52 PM

නතර නොවී ආපු එක කොයිතරම් ලොකු දෙයක්ද? යාළුවා හම්බ වුණාද? මෙහෙ ඉන්න කඩප්පුලියෝ කියන කතා ගණන් ගන්න එපා. සමහරු කියනවා ඔන්න පැන්නා කියලා. සමහරු කියනවා යාළුවා හම්බ වෙන්න ගියා කියලා. මේ කටවල් වහන්න බැහැ. අර එක්කෙනෙක් වැසිකිළියට ගියාමත් එකඑක කතා කිව්වේ...

:       1384       634

chris Friday, 02 March 2018 10:16 PM

අර්ජුන් මහේන්ද්‍රන් මොකද කිව්වේ අගමැතිතුමෝ?

:       141       507

Rupa Saturday, 03 March 2018 12:03 AM

විශ්වාසනීය යාළුවා එක්ක ආවේ නැද්ද? ඌ නිකම් වත් බේරලා යවපු කෙනාව බලන්නවත් අාවේ නැතිද? "ඉන්වෙස්ට් ලංකා" තව රටකන හොල්මන් ටිකක් අරන් අාවා නම් ඉතුරු අවුරුදු දෙකේ මෙයාගේ කොන්ත්‍රාත් එකේ රට විකුණන වැඩේ සම්පූර්ණ කළහැකියි. මොකද අර නමට ලොක්කා ඕන වැරද්දක් දකින්නේ සිද්ධියෙන් පස්සේ පත්තරෙන්නේ...

:       185       384

ජගත් ලියනගේ Saturday, 03 March 2018 12:24 AM

එයාගේ හොඳම යාලුවො දෙන්නත් (මලික්, සාගල) ගියාද ?

:       71       229

Ranjith Silva Saturday, 03 March 2018 12:27 AM

එතකොට අරයව එක්කන් ආවද? නැද්ද?

:       64       205

Rohana Saturday, 03 March 2018 01:00 AM

අගමැතිතුමනි, අර්ජුන හමුවී කළු කෝපි බිව්වද?

:       66       81

Lapaya Saturday, 03 March 2018 01:01 AM

තනියමද ආවේ... මහේන්ද්‍රන් යාළුවා එක්කගෙන ආවේ නැද්ද?

:       108       222

සතයපාල Saturday, 03 March 2018 02:09 AM

අර්ජුන මහේන්ද්‍රන් මුණ ගැහුනේ නැතෙයි?

:       133       258

upali Saturday, 03 March 2018 02:59 AM

අරයා සනීපෙන් ඉන්නවද අගමැතිතුමනි..?

:       166       253

Nishantha Saturday, 03 March 2018 04:29 AM

අගමැතිතුමා මෙච්චර ප්‍රශ්න තියෙද්දී නීතිය හා සාමය ලැබුණා විතරයි. ඔක්කොම පැත්තක තියලා ගියා සිංගප්පූරු. අර්ජුන් මහේන්ද්‍රන් අතුරුදන්. ඉතිරි ටික හිතාගන්න.

:       116       93

අමා Saturday, 03 March 2018 04:55 AM

අරයා හමුවුණාද දන්නේ නෑ?

:       24       122

Aravinda Saturday, 03 March 2018 05:02 AM

මෙයා ගියේ අර්ජුන්ව හම්බවෙන්නයි... නැතුව වෙන දෙයකට නෙමෙයි.

:       203       288

Raveendra Saturday, 03 March 2018 05:17 AM

බය කියන දෙය අහලවත් නැති, මහජන නියෝජිතයා.. අතීසාර මිත්‍රයාව කන්කෙටියෙන් අල්ලාගෙන පැමිණ ඇතිබව සතුටින් දැන්වීමට කැමැත්තෙමු.

:       1       233

abaran Saturday, 03 March 2018 05:38 AM

කොහොමද...යාලුවා හම්බ වුණාද? සනීපෙන්ද?

:       3       143

da silva Saturday, 03 March 2018 08:33 AM

කෝ ලොකු මහත්මයා..? ඔබතුමා ඡන්දෙට කලින් පොරොන්දු වුණු "කඩු සටන", ඔබතුමා කඩුව රනිල්ට දුන්නම එතුමා "කඩුව බටේ දමාගෙන" ලෝකේ වටේ ඇවිදිනවා.

:       0       147

shelton Saturday, 03 March 2018 11:10 AM

ගිය පයින්ම අාපසු එන්නේ යාළුවා නැති නිසාද?

:       3       63

Priyantha Saturday, 03 March 2018 12:47 PM

ඇයි ඉතින් ඉන්වෙස්ට් කරන්න දෙයක් නැහැ. සිංගප්පූරුවෙන් ඇවිත් මහ බැංකුවම ඉන්වෙස්ට් කරලනේ තියෙන්නේ.. තව අවුරුදු 2යි තියෙන්නේ. ඉතුරු ටිකත් සුද්ද කරන්න.

:       108       63

බන්ඩා Saturday, 03 March 2018 01:57 PM

මහ බැංකුව හොරා කාපු එකට ප්‍රශ්න කරන්න අගමැතිගේ ගජ මිතුරු අගමැති රෙකමදාරු කරපු හිටපු මහබැංකු අධිපතිව ගෙන්නා ගන්න පොලීසියෙන් කූරියර් අතේ සිගප්පූරුවට සිතාසි යවනවා. අගමැති සිංගප්පූරු ගිහින් ලංකාවට අායෝජන ප්‍රමෝට් කරනවා. මෙහෙමත් විහිළු ලෝකේ තියා ලොවි ගහෙත් නැහැ. අද කාලේ චීන්නු කොණ්ඩේ බැඳපු මෝඩයො නෙවෙයි. අපි බදු ගෙවනවා. අගමැති අායෝජන හොය හොයා අපේ සල්ලි ගිලිනවා.

:       112       87

kumara Saturday, 03 March 2018 05:05 PM

මිනිහා තාම මගුල් කනවද?

:       0       0

lakvidu Sunday, 04 March 2018 08:31 AM

මෙයා සිංගප්පූරුවෙන් ගෙනාපු ලොකුම ආයෝජනයෙන් අපි කාපු හරිය ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29043 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18215 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11362 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 701 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 212 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 862 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site