(අංජුල මහික වීරරත්න)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් හා ශක්තිමත් කරලීම සම්බන්ධව සාකච්ඡාවක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (9) පැවැත්විණි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැය කිහිපයකට පමණක් ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි හෙයින් කාලය ඉතිරි කරගැනීම සඳහා මෙම සාකච්ජා පැවැත්වූයේ කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ දක්වා ගමන් කරන අතරතුරදී වීම විශේෂත්වයකි.
දෙරට අතර අනාගත ආර්ථික අවකාශයන් නිර්මාණය කිරීම පිළිබඳවද නරේන්ද්‍ර මෝදි මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනිණි.
දෙරටේ ද්විපාර්ශවික සබඳතාවන්හි වත්මන් ප්‍රගතිය පිළිබඳවත්, ඉදිරි සැලසුම් පිළිබඳවත් දෙරටේ අග්‍රාමාත්‍යවරුන්ගේ අවධානය යොමු විය.
ගෝලීය ත්‍රස්තවාදය හා ප්‍රතිත්‍රස්ත කාර්යයන් සම්බන්ධයෙන් ගත යුතු සාමූහික ක්‍රියා මාර්ග පිළිබඳවද මේ සාකච්ඡාවන් හි දී අවධාරණය කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලය ඉතිරි කරගන්න නෙවෙයි. අනිත් එක්කෙනාට ඇහෙයි කියලා. අපි දන්නේ නැද්ද රනිල්ගේ නූල් සූත්තර...
හමුවීමට කාලයක් නොලැබුණු නිසා වෙන්න යන නවනින්ගිරාවෙන් බේරෙන්න ටිකිරි මොලේ පාවිච්චි කරලා කාර් එකේ එල්ලෙන්න ඇති. මෝදිගේ පරිවාර ඇමති ලෙස පත් කරලා තිබ්බෙත් සජිත්වනේ. ඒකෙන් වුනේ මෝදිට කටුනායක හයිවේ එකේ ලස්සනවත් බලාගන්න බැරිවුණු එකයි...
රනිල් වර්තමානයේ ලංකාවේ දේශපාලනයේ සිටින හොදම රාජ තාන්ත්‍රිකය. මෙවැනි අවස්ථාවක් ලැබීම. රටට ලොකු වාසියක්. ලංකාවේ මිනිස්සු මොකද මෙතරම් කුහක?
අරුණ, අනේ ඉතින් මොනවා කියන්නද?
අරුණත් රනිල්ගේ ජාතියේ කෙනෙක්...
රාජතාන්ත්‍රික හොඳම සේල්ස්රෙප් වගේ නම් කියන්න පුළුවන්...
වාහනයේදී කතා කරකර ගිය එකෙන්ම පේනවා සාකච්ඡාව කොච්චර වැදගත්ද කියලා.
සූත්තරයා යනු එසේ මෙසේ නිවටයෙක් නොවේය..// ජලය වුනත් " පැට්‍රල් යටින් " ගෙනියන්නට සමත්ය..// සටනේ උදව්කරු වුනෙත් අල්ලපු ගෙදර අයියානේ..// ටිකක් කිට්ටුකලේ මේ වාරෙත් ඉල්ලන්නට උදව්වනේ..//
මෝදි අයියත් දන්නවා සූත්තරයා ගල් ආඳා බව..// වචන පිට කරන්නෙත් අයියගේ රට මුල් කරලා ..// අයියත් දන්නවා මෙයා බලලෝභයි කියලා..// එනිසා අයියා උණුවතුරේ බාමින් මාළු ගමනක් යනවා..//