( ජයන්ත සමරකෝන්)
ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් දිවයිනේ ජනප්‍රිය පාසල් 54 ක් ක් ඇතුළු පාසල් 364 ක් සඳහා ළමුන් 48,000 ක් ඇතුළත් කිරීමට අධ්‍යාපන ඇතැම් අකිල විරාජ් කාරියවසම් මහතා විදුහල්පතිවරුන්ට කළ නියෝගයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද ( 28) පැවසීය.
වැඩි සිසුන් සංඛ්‍යාවක් ජනප්‍රිය පාසල්වල සිසුන් බව තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.පිටකෝට්ටේ, වියත්මග සංවිධාන කාර්යාලයේදී අද පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
පන්ති කාමරයක සිටියයුතු සිසුන් සංඛ්‍යාව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවද අභියෝගයට ලක් කිරිමක් මෙන්ම සිසුන්ගේ මව්පියන්ට මැතිවරණ අල්ලසක් ලබා දීම මෙමගින් සිදුව ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අකිල ගැන බන්දුලගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
Amila Monday, 28 October 2019 09:48 AM
ළමයෙක් ඉස්කෝලේ දාන්න දෙන එකටත් ඔච්චර කුහක වෙන්න එපා.
sena Monday, 28 October 2019 10:10 AM
මෙතුමා කියන්නේ තනිකරම ඇත්ත... ළමයි ඉස්කෝලවල ගිහින් ඉගෙන ගත්තම රුපියල් 2500කින් ජීවත් වෙන කතා පිළිගන්නේ කව්ද?
මුණසිංහ Monday, 28 October 2019 10:38 AM
මේ වනවිටත් සුප්‍රසිද්ධ ජාතික පාසල් වලට දහස් ගණන් අැතුළු කරලා ඉවරයි. ලේකම්වරයා ලියුම් එවනවා. විදුහල්පති දන්නෙත් නැහැ... විදුහල්පතිට ප්‍රශ්න කරන්නටත් බැහැ. ඔවුන් අසරණයි.
athuraTuesday, 29 October 2019 05:34 AM
මම දන්න හම්බන්තොට අය ඉන්නවා කොළඹ පදිංචියවත් නැතුව මෙහෙ ලොකු ජාතික පාසල්වලට යන අය... එ්කට කමක් නැද්ද මහත්මයා...
චින්තක කුමාර Monday, 28 October 2019 11:03 AM
දේශපාලනය වැඩක් නෑ. ළමයි ඉස්කෝලේ යන්නේ. උන් දන්න දේශපාලනයක් නෑ..
sithumMonday, 28 October 2019 11:44 AM
ඒ අයගේ දෙමව්පියෝ දේශපාලනය දන්නවනේ...!
PathiranaMonday, 28 October 2019 01:51 PM
එයාලාගේ මව්පියෝ තියා සීයලා ආච්චිලාවත් දන්නා දේශපාලනයක් නැහැ. අරක දෙන්නම් කියන කොට එහාට කතිරේ ගහනවා මේක දෙන්නම් කියන කොට මෙහාට කතිරේ ගහනවා හොරු රජවෙනවා රට පල් වෙනවා.
edwin Monday, 28 October 2019 11:51 AM
දන්න දේත් එක්ක ටියුෂන් එක කරගෙන ගියා නම් අඩු ගණනේ මේ රටේ දුගී දුප්පත් ජනතාවට සෙතක් වෙනවා. නොදන්නා බව අති විශාල මෝඩකමක් බන්දුල. ඔයා කතාකරන හැම තැනකම අනාගන්නවා විතරක් නෙමෙයි නාගන්නවා. අද ගෝලීය ආර්ථිකය ඔයාගේ පරණ පොතට වඩා හුඟක් වෙනස්. ඔයාගේ සංඛ්‍යාලේඛන අහන අය ඉන්නවා නම් අඤ්ඤකොරොස්ම තමයි. අර රුපියල් 2500කින් පවුලකට මාසයක්ම ජීවත්වෙන්න පුළුවන් බව කියපු එක තවම අපිට අමතක නැහැ. අනේ ඔයා අධ්‍යාපන ඇමැතිකමත් කළානේ.. රාජපක්ෂලා එක්ක. එ්කට කමක් නැහැ කටපියාගෙන හිටියොත් ලොකුදෙයක්...
Hafeel Monday, 28 October 2019 12:22 PM
මෙයාට වඩා අකිල කොච්චර හොඳයි. මෙයාට මෙයා ගත්තු බැංකු ණයේ ගිවිසුම් ගැන කිසිම අවබෝදයක් නැහැ. නමුත් අනුන්ගේ ඕප දූප හොඳටම තේරනව. ඉතින් මෙයා තමයි නාමල්ගේ ආර්ථික විශේෂන්ද.
චමින්දTuesday, 29 October 2019 01:17 AM
හෆීල්ගේ කථාව ඇත්ත. එක් අයෙකුටවත් මාසෙකට රුපියල් දෙදාස් පන්සියයකින් ජීවත්වෙන්න බැරිව තිබුන කාලේ 4 දෙනෙකුට මාසයක් හොදට කාලා බීලා රුපියල් දෙදාස් පන්සියයකින් ජීවත්වෙන්න පුළුවන් කිව්වේ මෙයා නේද. මොහුට ඔහු අධ්‍යාපන ඇමති කාලේ කල දේවල් අමතක වෙලා. නැවත ආවොත් මෙවැනි කුහකකම් නොකරාවි කියල හිතන්න බැහැ
Sadis Tuesday, 29 October 2019 03:36 AM
ටීචර්, මෙන්න මෙයි මට ගහනවා.