රංජන් කස්තුරි
හිසෙහි නහරයක් පිපිරීයාමෙන් අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව අසාධ්‍ය වූ රෝගියකුගෙන් ලබා ගත් අක්මාව සහ වකුගඩු දෙක වෙනත් රෝගීන් දෙදෙනෙකුට බද්ධ කිරීමේ ශල්‍යකර්ම තුනක් කොළඹ ජාතික රෝහලේ දී සහ මහනුවර මහ රෝහලේ දී සාර්ථක ලෙස සිදුකර තිබේ.
එම රෝගීන් තිදෙනාම මේ වන විට එම රෝහලේ දැඩිසත්කාර එකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
අක්මාව බද්ධය කොළඹ ජාතික රෝහලේදී අවුරුදු 56ක් වයසැති පුද්ගලයෙකුට සිදුකළ අතර වකුගඩු දෙක බද්ධ කිරීමේ සැත්කම මහනුවර මහරෝහලේදී සිදු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd